
(ටී.කේ.ජී.කපිල )
මැලේසියාවේ පැවති 15 වැනි " සයිලන්ට් නයිට් " ( Silent Knight ) ජාත්‍යන්තර කරාටේ ශූරතා තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම , එහිදී රන් පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 07 ක් දිනාගෙන අද 23 දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.
මෙම තරගාවලිය ලෝකයේ රටවල් 11 ක, කරාටේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1,000 කගේ සහභාගීත්වයෙන් , ඉකුත් 04/17 දින සිට 04/19 දින දක්වා මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර පවත්වා තිබුණි.
මෙම තරගාවලියේ දී පොල්ගහවෙළ , බර්නඩෙත් ආදර්ශ මහා විද්‍යාලයයේ 04 ශ්‍රේණියේ ඉගෙනුම ලබන අගන කුළතුංග , අවුරුදු 09 න් පහළ කාතා පිරිමි ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගැනීමට සමත්ව සිටියේ ය .
එසේම මෙම තරගාවලියේ දී වයස අවුරුදු 15 න් පහළ පිරිමි , කාතා සහ කුමිතේ යන ඉසව් දෙකටම සහභාගී වූ හිරුෂ්ම ගයාල් අතපත්තු එම ඉසව් දෙකෙන්ම ලෝකඩ පදක්කම් 02 ක් දිනාගැනීමට සමත්ව සිටියේ ය. ඔහු පින්නවල ජාතික පාසලේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකි .
මෙම ජයග්‍රහණයන් රැගත් ශ්‍රී ලංකා කරාටේ ක්‍රීඩකයින් පිරිස 04 /23 දින පස්වරු 02.45 ට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට ෆිට්ස් එයාර් ගුවන් සේවයේ 8.ඩී.- 722 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර ඔවුන් පිළිගැනීම සඳහා එම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දෙමාපියන් විශාල පිරිසක් ද ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd