
(යොහාන් භාසුර, දිල්ලි නුවර සිට ....)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
ඒ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතාට අද (4) පෙරවරුවේ යොමු කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් පැවැසීය.
මොහාන් ද සිල්වා මහතා මේ වන විට දැඩි රෝගී තත්ත්වයක් හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින බවත් ඒ හේතුවෙන් ඒ මහතා ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවත් එම නිලධාරියා සඳහන් කළේය.
ඒ මහතාගේ ඉල්ලා අස්වීමේ ලිපිය පිළිබඳව විමසීමට ඔහු සමග කතා කිරීමට නොහැකි තත්වයක් මේ වන විට උද්ගතවී ඇති බවද එම නිලධාරියා වැඩිදුරටත් කීය.
ඉන්දියාවේ දී දැන් පවත්වන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලැබූ දැවැන්ත පරාජය හමුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එල්ල වෙන චෝදනා පිළිබඳ අවධානය යොමු කරමින් මොහාන් ද සිල්වා මහතා මෙසේ ඉල්ලා සිටි තිබේ.
2025 දෙසැම්බර් මස 18
96
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
144
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
946
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් මොහාන් ඉල්ලා අස්වෙයි
Che Saturday, 04 November 2023 12:39 PM
ක්‍රිකට් සභාපති, තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වෙන්නේ නැද්ද?
Mendis Ayya Boodsa Saturday, 04 November 2023 01:34 PM
නැතිනම් ඉල්ලන් කන්න වෙනවා කියලා දන්නවා. කට්ටිය එනකන් ඉන්නේ ලංකාවට. වරෙල්ලකෝ සෙට් එකම.. සාදරයෙන් පිළිගන්න ඉන්නේ...!
රංබොඩ Saturday, 04 November 2023 02:08 PM
බෝන් එගේන් නැමැති ගල් යුගයේ පාරිභෝගිකයෙක්ද මෙයත්? දෙවියන් ලව්වා ක්‍රිකට් ගස්සන එකම ආයතනය. ලෝකය ඉදිරියේ නිර්වස්ත්‍ර වෙලා තමයි පැනලා යන්නේ. අනෙක් සේරම මේ විදිහට අයින් වෙලා විද්‍යානුකූලව ක්‍රිකට් ගහන බුද්ධිමත් සහ රටට ආදරය ඇති තක්කඩි කම් නොකරන පිරිසක් මෙතැනට එන්න ඕනෑ. නැත්නම් ක්‍රිකට් ගැහිල්ල පැත්තක දාලා හේනක්, කුඹුරක් වගා කරගෙන ඉන්නයි තියෙන්නේ...
ravin Saturday, 04 November 2023 02:17 PM
බොහොම මදි මෙම ප්‍රතිඵලය සියලු දෙනාගේම ක්‍රිකට් ක්‍රීඩාවට කැමැති සියලු ජන කොටස්ම බලාපොරොත්තු වෙමු...
SAM Saturday, 04 November 2023 05:56 PM
ක්‍රීඩාවක දිනුම පැරදුම කුමක් උවද මේ ආකාරයට ක්‍රිකට් කඩාවැටීම සඳහා වගකිවයුතු සියල්ලෝම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ වෙනත් දේශපාලන පත්වීම ඇතුළුව සියලෝම ඉවත් කළ යුතුවේ. පුර්ණ ප්‍රතිසංවිධානයකට ලක්විය යුතු නිසා දින නියමයක් නොමැතිව නැවත කැඳවීමේ දිනයක් නොමැතිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසුරුවා හරිය යුතු වේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විනයක් නොමැතිව කණ්ඩායමේ විනයක් සැදීමට නොහැකිය. එසේ නොමැති වුවහොත් ක්‍රිකට් ක්‍රීඩා තරග නැරඹීමට පැමිණෙන ක්‍රීඩා ලෝලීන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත පැමිණෙන දිනය වැඩි ඈතක නොවේ...!
Senaka Saturday, 04 November 2023 06:14 PM
හා හා හාල්මැස්සෝ එලවලා වැඩක් නෑ. තෝරු, මෝරු ටික අස් වුණොත් හොඳයි. නැත්තන් ඉතින් තෝර මාලු කන්න මිනිස්සු එන දවස වැඩි ඈතක නෑ...
ගාමිණි ජයලත් Saturday, 04 November 2023 07:58 PM
මේක හොඳ පුවතක්...!