(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩිකාවන්ගේ තරග ගාස්තු ඇමරිකානු ඩොලර් 250 සිට 750 දක්වා ඉහළ දැමීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් පැවසීය.

මෙම ගාස්තු ඉහළ දැමීමට අමතරව ජයග්‍රහණය කරන තරගයට සහභාගි වූ ක්‍රීඩිකාවකට ඇමරිකානු ඩොලර් 250 ක ප්‍රසාද දීමනාවක් බැගින් පිරිනැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කළ බවත් සියලුම තරගවල අතිරේක ක්‍රීඩිකාවකට තරග මුදලින් සියයට 25 ක් ද පිරිනැමීමට තීරණය කළ බවත් එම නිලධාරියා කීය.

මෙම ගාස්තු ඉහළ දැමීම පසුගිය ජනවාරි මස 1 වැනිදා සිට ක්‍රියාත්මක වන බව ද එම නිලධාරියා වැඩි දුරටත් කීය.