ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර එංගලන්තයේ චෙස්ටර් ලී ස්ට්‍රීට් නුවරදී අද (28 වැනිදා) පැවැති ලෝක කුසලාන තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9 ක දැවැන්ත පරාජයකට මුහුණ දුන්නේය.
පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 203 කට දැවී ගිය අතර දකුණු අප්‍රිකානු කණ්ඩායම කඩුල්ලක් පමණක් දැවී ලකුණු 206 ක් ලබාගත්තේය.
තරගයේ සජීවී විචාරය සඳහා http://tinyurl.com/y37cpz7h වෙත පිවිසෙන්න.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහෝ දෙවියනි, අපේ රට ක්‍රිකට් නම් කාලකන්නි ක්‍රීඩාවෙන් ගලවා ගනු මැනවි...
ලංකාවේ නම කැත කරන්නේ මේ 11 සහ ත්‍රිරෝද එලවන්නෝ...
කලබල වෙන්න එපා.. එයාලා පුහුණුවක් ලබාගන්න ගිහිල්ල තියෙන්නේ. නිලධාරීන් 50කට වැඩිය එංගලන්තයට වැඩමකරලා රජයේ සල්ලි වලින්, කණ්ඩායම දිනපතාම උනන්දුකරවන්න. ඊළඟ ලෝක කුසලානය දිනවන්න. බුකි කාරයෝ දිනවන, බුකි කාරයෝ මෙහෙයවන ලංකාවේ වීරයන්ට අපෙන් සුබපැතුම්!!
මෙච්චර දුර හරි ආවේ වැස්සට පින් සිද්ද වෙන්නයි. එදා එංගලන්තය බැට් කරද්දී මුලසිටම සැහැල්ලුවෙන් ගහපු නිසයි කියලයි පේන්නේ. දිමුත්ගේ වාසනවාට තමයි මුල් තරග දෙකේ ලකුණු ගන්න පුලුවන් වුනේ. අනික ඔහුව ලොකුවට ටාර්ගට් කරලා තිබුනෙත් නෑ කියලා පේනවා. ඒත් දැන් ආපු ගමන් එයත් යන්නේ ඔහුගේ දුර්වලකම් පහසුවෙන් අනිත් ටීම් හොයාගෙන තියෙන නිසා... හැබැයි නවකම ටීම් එකක් යැව්වා නම් ලොකු වෙනසක් කරන්න තිබුණා..
පැරදුණාට අපේ කොල්ලො ටික හොඳ තරගයක් දුන්නනේ... හැම තරගෙම දිනන්න බැහැ.
කල්ලිවාදය කොතැනට අාවත් එය විනාශයේ මුල... සුදුස්සාට සුදුසු තැන ලැබෙන්න ඕනේ... ලංකාවේ දේශපාලනේ සහ රටේ තනතුරු ඔක්කොම කල්ලිවාදෙට යටවෙලා තියෙන්නේ... එක කල්ලියක් තමන්ගේ නෑදෑයින්ට තනතුරු දෙනවා... අනෙක් කල්ලිය තමන්ගේ පාසල් මිතුරන්ට තනතුරු දෙනවා. මේ හැම එකෙන්ම වෙන්නේ සුදුස්සාට සුදුසු තැන නැතිවී රට විනාශවීමයි. ක්‍රිකට් වලටත් කල්ලිවාදේ ඇතුල්වෙලා... ආගම් කල්ලි, ජාති කල්ලි, පාසල් කල්ලි, පළාත් කල්ලි... මේ මොන කල්ලියෙනුත් වෙන්නේ ක්‍රීඩාව හෝ රට නැති වී විනාශය ළඟාවීමයි. මේ පාරවත් රට කල්ලිවාදීන්ට නොවේ, සුදුස්සන්ට බාරදීලා බලන්න අපේ රට දියුණු වෙන හැටි...
රටට වෙලා තියෙන දේත් එක්ක ක්‍රීඩාවක් විතරක් රැකෙන්න ක්‍රමයක් නැහැ. ඒකයි මම නිතරම කියන්නේ මේ රටේ සමස්ථ යාන්ත්‍රණයම ෆේල්...! මේ රට බලහත්කාරයෙන් ෆේල් කරවපු රටක් ඒ නිසා මේ රටේ මිනිස්සු බුද්ධිමත් වනතුරු කිසිම දෙයකින් සැනසීමක් නම් බලාපොරොත්තු වෙන්න එපා...
මෙච්චර විශාල රොත්ත බුරුත්තක්, ක්‍රිකට් කණ්ඩායමක් එක්ක රට සවාරි ගහන්න යවන එකේ ප්‍රථිපලය දැන් හොඳට පේනවා නේද? අපේ රටේ ක්‍රිකට් ගහන්න වියදම් කරන මුදලින් මීට වඩා ප්‍රයෝජනවත් වැඩ කොපමණ කරන්න පුලුවන්ද කියා ක්‍රීඩා ඇමතිවරයාට පෙන්වා දීමට උපදේශක මණ්ඩලයක් පත් කිරීමට දැන් කාලය එළඹ තිබේ...
ක්‍රිකට් ක්‍රීඩාංගනවල වගා කළොත් නරකද?
බුකිකාරයෝ ටික නම් දිනුම්, 8 පාස් හරක් ටිකක් හදන රටකට මීට වඩා දෙයක් නැත.
මොවුන් අපේ ප්‍රෞඩ ක්‍රිකට් ඉතිහාසයම වනසලා දැම්මා. මහේලලා, සංගලා ඉහළින් තියපු ක්‍රීඩාව නැතිකළා. අර 225 වගේ මෙම 11ම ඉවත්කළ යුතුයි. ලංකාවේ ක්‍රිකට් ප්‍රතිසංවිධානය කළ යුතුයි. සියලුම නිලධාරිනුත් ඉවත්කළ යුතුයි. ඉන්දියාව ඉතා ඉහළ කණ්ඩායම් හැගීමෙන් සෙල්ලම් කරනවා. කවුරු හෝ තරගය ගොඩ ගන්නවා. අැයි අපේ මේ මැටි මූලුන්ට බැරිවුනේ ඉන්දියාව ආදර්ශයට ගන්න. මෙවැනි කුජීත තරග කවදාවත් සෙල්ලම් කරලා නැහැ. ඉස්සර පැරදුණත් ලකුණු 250කට එහා ගහනවා. ගමේ ඉන්නවා නියම කොල්ලෝ... ඔවුන්ට ඉඩ ලබාදිය යුතුයි. ඕස්ට්‍රේලියාව වගේ ක්‍රිකට් ඇකඩමි එකක් සෑදිය යුතුයි. කොළඹ ගොබ්බන්ට වඩා හොඳ කොල්ලෝ ගම්වල ඕනෑතරම් ඉන්නවා. ක්‍රිකට් හා සම්බන්ධ වෙලා ඉන්න සියලුම හොරු සෙට් එක ගෙදර යවා අලුතෙන් ටීම් එකක් සහ නිලධාරීන් පත්කළ යුතුයි. කෙදෙව්වෝ වි20 ලෝක කුසලානය ගත්තේ ඔවුන්ගේ ඇඳුම් ටික ඉන්දියාවට ඇවිත් මහගෙන. එහෙන් ඔවුන්ට ලොකු සල්ලි දෙන්නේ නැහැ. අපේ උන්ට සැප... බඩ වැඩිවෙලා. එ්කයි දුවන්නවත් බැරි....
කුසල් ගහන්නේ ටෙස්ට් ක්‍රිකට්...
මෙන්ඩිස්, ජීවන්, තිසර, ධනංජය, ඇන්ජලෝ - දැන් වත් පව් නොදී වෙන ජොබ් එකක් හොයාගන්න. ඇත්තටම ජාතියේ කරුමයක්..
යහපාලනයයි, රට විනාශ කරන දේශපාලකයන් සහ ක්‍රිකට් ලංකාවෙන් අතු ගා දැමිය යුතුයි.
වරුසාවට පින් සිද්දවෙන්න බංගලියන්ගෙන් නොකා බේරුණා. අනේ අපි ගහන ක්‍රිකට්...
අභියෝග ජයගන්නවා තියා එ්ක තේරුම් ගන්නවත් මොලේ නැතුව ඇති මෙයාලට. හැමදාම මාධ්‍යයට මුහුණ පෙන්නගෙන අඩුපාඩු හදාගෙන ඉදිරියට යනවයි කියනවා. කෝ එහෙම දෙයක් පේන්නවත් නැහැනේ. මෙහෙම ක්‍රීඩා කලොත් රටේ නමයි පලුදු වෙන්නේ. මීට වඩා හොඳට ක්‍රීඩා කරනවා 15න් පහළ කණ්ඩායමක් යැව්වා නම්. මෙහෙම ගියොත් නම් මෙයාලට පුහුණුවීම් කරකරම ඉන්න වෙයි. ලංකාවේ ක්‍රිකට් බංකොලොත් වෙනකම්ම..
පරදින එක සාමාන්‍ය දෙයක්.. ඒත් මේ වගේ ඉන්න නිලධාරීන් කියන කතාවක් අහගෙන ඉන්න එක නම් හරිම අමාරු දෙයක්..
අසන්ත ද මේල් ප්රමුඛ තේරීම් කමිටුව... දැන්වත් ගෙදර යන්න... රොෂාන් මහානාම වගේ ක්‍රිකට් දන්න කෙනෙක් ඕකට පත් කරන්න.
විකට් 2ක් ගියාම ඊළඟට එන දෙන්න බැට් කරන විදිහ දැක්කම හිතෙන්නේ ඕනෑකමින් පරදින්න හදනවා වගේ..
මොනවා වුණත් ලංකාවේ කොල්ලෝ ඔය හැම රටකටම වඩා දක්ෂයි. ඉවසලා ඉන්න.
මෙහෙම කතාකරන එක වැරදියි. ඕනෑම රටක ඕනෑම ක්‍රීඩාවක කණ්ඩායමකට මේවගේ නරක කාල තියෙනවා. පසුගිය වකවානුව හොඳින් බැලුවහොත් එංගලන්ත, ඕස්ට්‍රේලියානු, බටහිර කොදෙව් ආදී සෑම කණඩායකටම මේ වගේ අපලකාල තිබුණා. නොයෙකුත් හේතු නිසා දිනන කාලයට හෝයි කියා මල් මාලා දාන්නත්, පරදින කාලයට ගරහන එකත් නියම ක්‍රීඩා ලෝලියෙකුගේ ගතිය නොවේ. ක්‍රීඩකයින්ට ඇති පීඩනයට අපේ අනවශ්‍ය ප්‍රතිචාර නිසා ඇතිවන පීඩනයත් එක් වූ විට කරන ටිකවත් හරියට කරගන්න බැරිවෙනවා.
දැන් ඇති. මේ නාකි ඔක්කොම අයින් කරන්න. ක්‍රීඩකයින්ගේ කාලය අවුරුදු 5කට සීමා කරන්න. ඈත ගම් දනව්වල ශක්තිමත් තරුණයන් ඉන්නවා. සුපිරියි කියන පාසල් වලින් පන්දමට ක්‍රීඩකයින් ගන්න ඕනෑ නැහැ. හැකිනම් ක්‍රිකට් වර්ජනය කරමු. මේ කාලය කන ක්‍රීඩාවෙන් බුකිකාරයෝ විතරයි ගොඩ ගියේ...
සුළු ජාතීන්ට පරාද නොවී රටින් පිට කාට පරාද වුණත් කමක් නැත.
පොඩි ළමයි කදුරු බෝලෙන් සෙල්ලම් කරනවා වගෙයි මටනම් පෙනුනේ . මුල පිතිකරුවන් අඩු ලකුණුවලට දැවී ගියත් මැදපෙළේ ඉඳගෙන අරජුන හා අරවින්ද එදා තනි ලකුණු ගත්ත හැටි කොහොමද ...මදැයි ඔවුන්ව තලන්න කියලා පිටියට බැහැපු අය ඔවුන්ගෙන් තලා ගත්ත රඟ.
මොන විදිහකට හරි මෙයාලට හූ සංගුුහයක් ලබා දිය යුතුයි. මෙයාලට ගෙවන සල්ලි අපරාදෙ මන්ත්‍රීලට හූ තියලා එලවන්න ගත්තා වගේම මෙයාලත් ලකුණු ගහන්නේ නැත්නම් හූ කියා එලවා දැමිය යුතුයි. මොවුන්ට සල්ලි වැඩිවුණා.. සැප ගන්න රට සවාරි යනවා එච්චරයි. රට වෙනුවෙන් ක්‍රිකට් ගහපු අය හිටියේ 2014ට පෙර... අද ඉන්න භාගයක්ම ෂෝ එක විතරයි වැඩ නැහැ.
ක්‍රිකට් මොන කෙහෙල් මලක්ද? කාලය විනාශ කරන ගෙවල්වල වැඩ පාලුකරන මහා ජරාවක්. මොවුන්ට මොනව වුණත් අපිට මොකද? මුන්ගේ සල්ලි අපිට දෙනවද?