IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


ශ්‍රී පාලි මණ්ඩපයට කොටගල වත්තේ ඉඩමක්

(අංජුල මහික වීරරත්න)

කොළඹ විශ්ව විද්‍යාලයට අනුබද්ධ ශ්‍රී පාලි මණ්ඩපය සංවර්ධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

කොළඹ විශ්ව විද්‍යාලයට අනුබද්ධ ශ්‍රී පාලි මණ්ඩපයේ  සිසුන් 850 ක් පමණ අධ්‍යාපනය හදාරනු ලබන අතර, සිසුන් හට ක්‍රීඩා කිරීම හා ක්‍රීඩා උත්සව පැවැත්වීම සඳහා සුදුසු ක්‍රීඩා පිටියක් නොමැති වීම දැඩි අඩු පාඩුවක්ව පවතී.

එබැවින් ශ්‍රී පාලි මණ්ඩපයට යාබදව ඇති කොටගල වැවිලි සමාගම යටතේ පවතින සොරණ වතුයායට අයත් වන, දැනට කිසිදු වගාවක් සිදු කර නොමැති අක්කර 2.5ක් වන ඉඩම් කොටසක් පොදු ක්‍රීඩාංගණයක් සඳහා යොදා ගැනීමට හැකි වන පරිදි වෙන් කර ගැනීම සඳහා අදාළ පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කර තිබේ.

එම ඉඩම් කොටස වන්දි රහිතව නිදහස් කිරීමට කොටගල වැවිලි සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ එකඟතාවය ලැබී ඇති අතර, එම කාර්යය සඳහා එකී ඉඩම් කොටස වෙන් කර දීම සම්බන්ධයෙන් එම ඉඩම්වල ස්වර්ණමය කොටස් හිමිකරු වශයෙන් භාණ්ඩාගාරයේ ලේකම්ගේ අනුමැතිය ලැබී ඇත.

ඒ අනුව, කොටගල වැවිලි සමාගම යටතේ පවතින සොරණ චතුයායට අයත් ඉඩමෙන් අක්කර 2.5 ක ප්‍රමාණයක් කොළඹ විශ්ව විද්‍යාලයට අනුබද්ධ ශ්‍රී පාලි මණ්ඩපය වෙත පවරා ගැනීම පිණිස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යවරිය  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (1)

ශ්‍රී පාලි මණ්ඩපයට කොටගල වත්තේ ඉඩමක්

සංක්‍රාන්තික භුමි Tuesday, 28 January 2025 05:14 PM

අනේ අපේ අගමැතිතුමිය විතරයි වැඩක් කරන්නේ! අපේම අගමැතිණියට ජය වේවා..!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 33 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 875 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2509 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site