IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ශානි - රවී ජාජබ වේදිකාවට

(ආරියරත්න රණබාහු)

පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ අයිතිකාරයා දේශපාලකයා නොවිය යුතු යැයි ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී  කුමාර දිසානායක මහතා අද (09) මහරගමදී පැවසීය.

තම රජයක් යටතේ පොලිස් දෙපාර්තමේන්තුව පමණක් නොවේ මුළු මහත් රාජ්‍ය යාන්ත්‍රණයම දේශපාලන අතකොළුවක් ලෙස  භාවිතා කරන්නේ නෑ. පොලිසියේ ස්වාධීනත්වය මෙන්ම පොලිස් නිලධාරින්ගේ ගරුත්වය ආරක්ෂා කිරීමට කටයුතු කරනවා.

මහරගම  ජාතික තරුණු සේවා සභා ශ්‍රවණාගාරයේ අද පෙරවරුවේ පැවති විශ්‍රාමික පොලිස් නිලධාරීන්ගේ ජාතික සමුළු අමතමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

මෙම සමුළුවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති ඡේ.එ.කේ.මාර්ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ‍අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි දුල්ශාන් සෙනෙවිරත්න යන මහත්වරු ඇතුළු පොලිස් දෙපාර්තමේන්තුවේ විවිධ නිලයන්හි කටයුතු කළ විශ්‍රාමික පොලිස් නිලධාරීහු රැසක් එක්ව සිටියහ.

 



අදහස් (12)

ශානි - රවී ජාජබ වේදිකාවට

Lal Sunday, 09 June 2024 09:57 PM

අනේ වළං වුණත් හෝදන්නන් ඒක නම් කියන්න එපා සර් කියපු කාලකන්නියා නේද මේ? නොදකින් විතරක්... අගරදගුරු පාස්කු ප්‍රහාරය විමසන්න දාන්න කියලා ඉල්ලන්නෙත් මෙයාව හොඳටම වලං හෝදලා තියෙන පාටයි. කුණු කුණු වලටම එකතු වෙනවා කියන එකට හොඳම උදාහරණයක්, නිශාන්ත කන්දප්පා එක්ක ගානියා බැරිස්ටර් පටලවාගෙන ස්විස්ටර්ලන්ත නාටකේත් මෙයාගේ අධ්‍යක්ෂණයක්නේ...

:       0       1

Prabath Sunday, 09 June 2024 10:23 PM

මේ අය 2024 ඉපදුණු වැඩිහිටි පොලිස් කාරයින්..

:       0       1

පිටරැටියා Sunday, 09 June 2024 11:50 PM

ලංකාවේ දූශිත දේසපාලුවන්ගේ කෙරුවාවල් ගැන ලෝකෙම දන්නවා .,වෙන කිසිම සිෂ්ට සම්පන්න රටක පවා දකින්න,අහන්ඩ නැති උනත්, ලංකාවේ නම් .දූෂිත නායකයෝ අපේ රටේ හැම ආයතනයක්ම වාගේ දේසපාලණීකරණය කරලා තිබුනේ. යුක්තිය නීතිය සාදරනය විනාශ කරපු කැළෑ නීතිය රජ කරපු ,සුදුවෑන් ඝාතන අතුරුදහන් මිනී මෝරු රජකරවපු කාලයක් තිබුනා .බලලෝබී බඩගෝස්තරවාදී කාලකන්නි දූශිත දේසපාලුවෝ හොඳට තිබුනු අපේ රට හැම අතින්ම විනාශ කරපු එකයි කෙරුවේ .

:       0       0

kotiya Monday, 10 June 2024 03:18 AM

මේ පාර හෝදන්නේ අනුර මාත්තියාගේ ගෙදර වළං ලුද?

:       0       1

Vithana Monday, 10 June 2024 03:32 AM

සමුළුවකට ආරාධනාවක් ලැබුණා ඉතින් අපි ගියා. ඒකෙන් අදහස් වෙන්නේ නෑ අපි ජාජබ පාක්ෂිකයෝ කියලා. සමුළුව අවසානයේ එළියට ආපු නිලධාරියෙක් ප්‍රසිද්ධ මාධ්‍යයකට එහෙම කිව්වාලු. ඒක ඇත්ත... ශානි අබේසේකර වගේ කිසිදාක දේශපාලනය මත තම පැවැත්ම පවත්වා නොගත් දක්ෂ, අවංක, එඩිතර පොලිස් නිලධාරියෙක් මේ කිසිම ප්‍රතිපත්තියක් නැති ඇමරිකන් රූකඩ පක්ෂයකට කඩේ ගිහින් තමන්ගේ කීර්තිනාමය විනාශ කර ගනියි කියලා නම් හිතන්න බෑ.

:       0       1

සෙනෙවිරත්න Monday, 10 June 2024 07:41 AM

ජයවේවා, ඔන්න දැන් 88/89 ආච්චිගේ අයිඩෙන්ටිය හොයනවා නෙවෙයි, අපේ සබ්බ සේසතම හොරකං කරල තියෙන්නේ. දැන්වත් සිහියෙන් මේ කියන සත්‍ය තේරුම් ගන්න.

:       0       0

Lalla Monday, 10 June 2024 07:49 AM

ඔව්.එයාල යුක්තිය පසිඳලීම ගමේ ඉන්න පක්ෂ තගාලට දෙනවා කිව්වා නේද? ඉතින් පොලිසිය මොකටද?

:       0       0

ranjith Monday, 10 June 2024 08:26 AM

වර්තමාන පරපුරේ බලාපොරොත්තුව නීතිගරුක සමාජයක්... මෙතෙක් කල් දේශපාලනයේ අංක 01 නීතිය 02 වෙලා තිබුණු නිසා රට පිරිහුණා. වර්තමානයේ යහපත් නායකයන්ට පමණයි ජනප්‍රිය වෙන්න පුළුවන්.. වර්තමාන පරපුර බුද්ධිමත්...

:       0       0

Parakrama Monday, 10 June 2024 09:08 AM

මගේ ලක් මෑණියන් දෑ හරි පිංකාරයි.

:       1       1

Vithana Monday, 10 June 2024 10:15 AM

පාස්කු ප්‍රහාරය ගැන දැනගෙන එය වළක්වන්න කටයුතු නොකර රාජකාරිය පැහැර හැරි බවට ගරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දු කරලා වින්දිතයන්ට වන්දිත් ගෙවන්න නියමවූ නිළධාරියෙක් නේද මේ අනුර ළඟින්ම වාඩි වෙලා ඉන්නේ? එතකොට පාස්කු ප්‍රහාරය එල්ල කල එකම පවුලේ පුතුන් සහ ඔවුන්ගේ පියාත් මාලිමාවේ සාමාජිකයන් නේද? මේ සිද්දීන්වල සම්බන්ධකම් තියෙනවාද? මේ අයට මේවා සංවිධානය කරන්න අරමුදල් සපයන්නේ කවුද?

:       1       1

අරවින්ද මොනරවිල Monday, 10 June 2024 11:16 AM

සාගලටයි සජිත්ටයි දූන්න පණිවිඩයත් දාන්න තිබුණා.

:       29       2

Vithana Tuesday, 11 June 2024 04:24 AM

මේවා දකිනකොට හිනා යනවා. පාස්කු ප්‍රහාරයේ නඩුවෙන් වැරදිකරුවෝ වෙලා වින්දිතයන්ට වන්දි ගෙවන්න සිද්ද උන අයත් වේදිකාවේ ඉන්නවා.

:       1       30

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1060 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site