
(අංජුල මහික වීරරත්න)
බැක්ටීරියා සහ වෛරස් වලින් ආරක්ෂාව ලබා දෙන දේශීය ශාකසාර සංඝටක 21කින් සැකසූ මුව ආවරණයක් නිෂ්පාදනය කරන්නට නව නිර්මාණ ශිල්පියෙක් සමත්ව තිබේ.
ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කෝවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය වෙත නව නිර්මාණ ශිල්පී සමන් හෙට්ටිආරච්චි මහතා විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී මෙම මුව ආවරණය පිළිගන්නවා තිබෙි.
පෙරුම්කායම්, දේවදාර, කුරුදු පොතු, පාවට්ට මුල්, රතු ලූණු, ඉගුරු, කොත්තමල්ලි, වෙනිවැල් ගැට, කොහොඹ, කරාබු නැටි, ඉගුරු පියලිය, අමු කහ ඇතුළු දේශීය ශාකසාර සංඝටක 21ක් යොදා මෙම මුව ආවරණය සකස් කළ බව සමන් හෙට්ටිආරච්චි මහතා පැවසීය.
නව නිර්මාණයක් ලෙස මෙම මුව ආවරණය සදහා අදාල පේටන්ට් බලපත්‍රයද හිමිව ඇති අතර ශ්‍රී ලංකාවේ කාර්මික තාක්ෂණික ආයතනය හෙවත් අයි.ටී.අයි. ආයතනය මගින් තත්ත්ව සහතිකයක් ද පිරිනමා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ උත්සාහයක්... ඒත් වැඩක් වෙයි කියලා හිතන්න අමාරුයි... මොකද ඔක්කොම පිටරටින් ගෙනැල්ලා දැන් බොරුවට දේශීයකමට ඉඩදෙනවා ඡන්දය ළඟ නිසා...
මේ ජෙප්පොන්ගේ වැඩේම සෑම දෙයක්ම නොපිටට බැලීමයි. හරි දෙයක් කියන්නේ කරන්නෙත් නැහැ. කරන කෙනෙකුට කරන්න දෙන්නෙත් නැහැ.