
(අංජුල මහික වීරරත්න)
වෛද්‍ය නිලධාරීන් සඳහා අතරමැදි ශ්‍රේණියක් (Intermediate Cadre) පිහිටුවීමේ යෝජනාව අධ්‍යයනය කිරීම සහ ඒ වෙනුවෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා විශේෂඥ කමිටුවක් නිල වශයෙන් පත් කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පියවර ගෙන ඇත.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් පරිදි මෙම කමිටුව පත් කෙරෙයි.
මෙම විශේෂඥ කමිටුවේ සභාපතිවරයා ලෙස සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හසංක විජේමුණි මහතා කටයුතු කරනු ලබන අතර, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ සැලසුම් අංශයේ (CCP) වෛද්‍ය අමිල සුරංග මහතා කමිටුවේ ලේකම් ලෙස කටයුතු කරනු ලබයි.
විශේෂඥ කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (වෛද්‍ය සේවා) වෛද්‍ය ඩබ්ලිව්. කේ. වික්‍රමසිංහ, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා) II වෛද්‍ය සමින්දි සමරකෝන්, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව සම්පත් කළමනාකරණ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය හෙන්රත් එච්. ඩී. එන්. පී. ඕපාත , පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය දිලිප් ද සිල්වා මහත්ම මහත්මීහු කටයුතු කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd