
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරු පුරප්පාඩු වහා පිරවීමට කටයුතු කරන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලීම් කරන ලෙස දන්වමින් ලිපියක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද බාර දෙනු ලැබීය.
ව්‍යවස්ථාදායක සභාවේ සභාපතිවරයා ලෙස ජනාධිපතිවරයාට මෙම කරුණ සම්බන්ධයෙන් අවධානය යොමු කර අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කරන ලෙස මන්ත්‍රීවරුන් එම ලිපියෙන් ඉල්ලීමක් කර ඇත.
විපක්ෂයේ මන්ත්‍රීවරුන් 12 දෙනකු ලිපියට අත්සන් කර ඇත.
අග්‍ර විනිශ්චකාරවරයා මෙම පුරප්පාඩු පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හෝ ජනාධිපතිවරයා වෙත නිල වශයෙන් දැනුම් දී තිබේද යන්නසොයා බලන ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙන් ඉල්ලීමක් කරන අතර එවැනි දැනුම්දීමක් කර නොමැති නම් එම මගහැරීමට හේතු විමසා බලන ලෙස එම ලිපියෙන් ඉල්ලීමක් කරයි.
ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරු පුරප්පාඩු අටක් පැවතීමෙන් යුක්තිය පසිඳලීමේ කටයුතුවලට බාධා මතුව ඇති බව අධිකරණ සේවා ආරංචි මාර්ග සඳහන් කරයි.
සමහර පුරප්පාඩු මාස හයක් තිස්සේ පුරවා නැතැයි දැනගන්නට ඇත.
කතානායකට මෙම ලිපිය බාරදීමේ අවස්ථාවට රවී කරුණානායක දිලිත් ජයවීර අනුරාධ ජයරත්න රවුෆ් හකීම් සහ චිත්‍රාල් ප්‍රනාන්දු ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් ද සහභාගි වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd