
(අංජුල මහික වීරරත්න සහ තිස්ස කොටින්කඩුව)
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරනවා නම් වහාම ජනමත විචාරණයකට යන්නැයි පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවැසීය.
ජනතාවගේ පොදු සමාජ ප්‍රශ්න වලට වඩා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දිගු කිරීම වැදගත් යැයි සිතනවා නම් ජනමත විචාරණයකට යන්නැයි නාමල් රාජපක්ෂ මහතා කීය. මන්ත්‍රීවරයා මේ බව කීවේ ජා ඇල පැවති රැස්වීමකට සහභාගී වෙමිනි.
එහිදී නාමල් රාජපක්ෂ මහතා මෙසේද කීය.
ගොවීන්ගේ, ධීවරයන්ගේ,උපාධිධාරීන්ගේ, පාසල් සිසුන්ගේ, රැකියා විරහිත තරුණයන්ගේ ප්‍රශ්න මෙන්ම අසීමිත බදුබර, ජීවන වියදම ආදී ප්‍රශ්න වලට වඩා විනිසුරු වයස පිළිබඳ ප්‍රශ්නය ලොකු යැයි ආණ්ඩුව හිතනවාද?
අද දිනෙන් දින මේ ආණ්ඩුව කෙරෙහි තියෙන විශ්වාසය බිඳවැටෙමින් පවතිනවා. ඇයි ඒ? එක පැත්තකින් ආණ්ඩුව බලයට එන්න අසීමිත බොරු කිව්වා. එක බොරුවක් වහගන්න අද තව බොරු සියයක් කියන්න වෙලා තියෙනවා.තවත් පැත්තකින් ආණ්ඩුව වෙච්ච පොරොන්දු ඉටු කරන්නේ නෑ.
අවුරුදු ගණනාවකට පස්සේ ප්‍රධාන දේශපාලන ධාරාවෙන් පිට පක්ෂයක් අසීමිත බලයක් එක්ක රාජ්‍ය පාලනයට ගෙනාවා. ඒ මිනිස්සුන්ගේ තුළ යම් විශ්වාසයක් තිබ්බා. ඔවුන් හිතුවා පෙර පක්ෂ වල ආණ්ඩුවලට සාපේක්ෂව යම් අලුත් දෙයක් කරයි කියලා.
නමුත් ඔවුන් තිබ්බටත් වඩා ගතානුගතික දේශපාලන ප්‍රතිසම්ප්‍රදායක් මේ රටේ අනුගමනය කරන්න පටන් ගත්තා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd