
(ටී.කේ.ජී.කපිල )
රුපියල් කෝටි 20කට අධික විදි වටිනා " හෂීෂ්" මත්ද්‍රව්‍ය තොගයක් සමග කැනඩා ජාතික පින්තාරු කරුවෙක් කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ සේවයේ නිරත රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අද අලුයම අත් අඩංගුවට ගනු ලැබීය .
මොහු මෙම " හෂීෂ්" මත්ද්‍රව්‍ය තොගය , කැනඩාවේ ටොරොන්ටෝ නුවරින් මිළදී ගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
එහිදී ඔහු රැගෙන ආ ගමන් මලු 02 ක් තුළ මෙම ඉස්තරම් වර්ගයේ දුඹුරු පැහැති " හෂීෂ්" මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 20 ග්‍රෑම් 117 ක තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd