
(විමුක්ති එස් රුද්‍රිගු)
බුදුරජාණන් වහන්සේට සමීප සම්බන්ධයක් තිබෙන සාරානාත් පුදබිම යුනෙස්කෝ සංවිධානය ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කිරීම පිළිබඳව තමන් සතුටට පත්වන බවත් ඒ පිළිබඳව සෑම ඉන්දියානුවෙකුටම ආඩම්බරයට පත්විය හැකි බවත් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් පසුගියදා ප්‍රකාශ කළේය.
සිදුහත් කුමරු බුද්ධත්වයට පත්වීමෙන් පසුව සිය ප්‍රථම ධර්ම දේශනාව පැවැත්වූයේද සාරානාත් පුදබිමේ සිට බවද ඔහු පැවැසුවේය.
ඒ හේතුවෙන් සාරානාත් පුදබිමට ඓතිහාසික මෙන්ම අධ්‍යාත්මික වැදගත්කමක් තිබෙන බවද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
යුනෙස්කෝ සංවිධානය සාරානාත් පුදබිම ලෝක උරුමයක් බවට ප්‍රකාශයට පත් කිරීමත් සමග වැඩි පිරිසක් සාරානාත් පුදබිම වෙත පැමිණෙනු ඇති බවත් එලෙස පැමිණෙන්නන් බුදුරජාණන් වහන්සේගේ දෙසූ දහම ලොවට රැගෙන යනු ඇති බවත් මෝදි මහතා පැවැසුවේය.
උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ වාරාණසි නගරය ආසන්නයේ පිහිටි සාරනාත්, බුද්ධාගමිකයන්ගේ ලෝකයේ ඉතා වැදගත් පූජනීය වන්දනා ස්ථානයකි. බෝධිගයාවේදී සම්මා සම්බුද්ධත්වයට පත්වීමෙන් අනතුරුව, බුදුරජාණන් වහන්සේ සිය ප්‍රථම ධර්ම දේශනය වන "ධම්මචක්කප්පවත්තන සූත්‍රය" පස්වග මහණුන් වෙත දේශනා කළේ මෙහිදී බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd