(රවින්ද්‍ර ලියනගේ)

විදුලි බිල නොගෙවීම හේතුවෙන් විදුලිය විසන්ධි කිරිමට පැමිණි විදුලි බල මණ්ඩලයේ සේවකයකුට පහර දුන් බව කියන හලාවත ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂය  මන්ත්‍රීවරයකු අද දහවල් අත් අඩංගුවට ගත් බව මාදම්පේ පොලීසිය කියයි.

සිද්ධියෙන් පහර කෑමට ලක්වි ඇත්තේ හලාවත ආනන්ද මාවතේ පදිංචිකරුවකු වු  විදුලි බල මණඩයේ සේවකයෙකි.

ඔහු ප්‍රතිකාර සදහා හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇති විදුලි බල මණ්ඩලයේ විදුලිය සිදලීමේ නියෝජිතයකු ලෙස සේවය කරමින් සිටින්නකු බව පොලිසිය කියයි.