(යොහාන් භාසුර)

විදුලි ගාස්තු සංශෝධනය කිරීමේ තීරණය මෙම මස තුළ ප්‍රකාශ කරන බව  මහජන උපයෝගිතා කොමිසම පැවසීය.

විදුලිබල මණ්ඩලය විදුලි ගාස්තු ඉහළ දැමීමට කළ යෝජනාව පිළිබඳ බස්නාහිර පළාතේ අදහස් සහ යෝජනා ගැනීම බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී අද පැවැති අතර ඒ සමඟම යෝජනාවලිය සම්බන්ධයෙන් මහජන අදහස් විමසීම අවසන් වේ.

ලබන අප්‍රේල් මස සිට ජුනි මස දක්වා කාලය සඳහා විදුලි ගාස්තුව සියයට 13.56 කින් ඉහළ දැමීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසමට යෝජනාවක් ඉදිරිපත් කර තිබුණි.