(අංජුල මහික වීරරත්න)

විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය සහ තායිලන්තයේ ආසියානු තාක්ෂණ ආයතනය (AIT) අතර විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයේ සංවර්ධනය වෙනුවෙන් අවබෝධතා ගිවිසුමක් අත්සන් කෙරිණි.

ජාතික සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා ශාස්ත්‍රීය, තාක්ෂණික හා ප්‍රායෝගික දැනුම වර්ධනය කරමින් රටේ ස්ථායී සංවර්ධනයට දායක විය හැකි වෘත්තීයවේදීන් බිහි කිරීම සහ මෙරට විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයේ නියුතු පර්යේෂණ නිලධාරීන්ගේ සහ විද්‍යාඥයින්ගේ වෘත්තීය ධාරිතාව ඉහළ නැංවීම මෙම ගිවිසුමේ අරමුණ බව අමාත්‍යංශය කියයි.

අවබෝධතා ගිවිසුමට අත්සන් තැබිම විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේ දී  සිදුකෙරිණි.

මෙම ගිවිසුමට ශ්‍රී ලංකා පාර්ශ්වය වෙනුවෙන් විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශ ලේකම් වයි. එල්. මොහොමඩ් නවවි  සහ අධ්‍යක්‍ෂ (ජාත්‍යන්තර සබඳතා) ගීතානි කන්නන්ගර මහත්ම මහත්මීහුද 
ආසියානු තාක්ෂණ ආයතනය පාර්ශ්වයෙන් එහි උප සභාපති මහාචාර්ය සිද්ධාර්ත් කේ. ජබාඩේ මහතා ද අත්සන් කළහ.