(සුජිත් හේවාජුලිගේ)
වැඩිහිටි නිවාස නියාමනය සඳහා රජයට කෙලින්ම නීති සකස් කිරීමට බලයක් නොමැතිවීම හේතුවෙන් පළාත් සභාවල එකඟත්වය ගැනීමට සිදුවීමෙන් ඒ කටයුතු තරමක් ප්‍රමාද වෙමින් පවතින බව වාර්තාවේ.
පළාත් සභාවල එකඟත්වය නොමැතිව රෙගුලාසි සකස් කිරීමට පළාත් සභා ප්‍රධානීන් විරෝධය දක්වන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය.
දහතුන් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව සමාජ සේවා විෂය දැනට පවතින්නේ පළාත් සභා යටතේ හෙයින් රෙගුලාසි සකස් කිරීමේදී පළාත් සභාවල එකඟත්වය ලබා ගැනීමට අනිවාර්යයෙන්ම සිදුව ඇතැයි ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා පැවසුවේය.
කෙසේ වෙතත් පළාත් සභාවල එකඟත්වය ගෙන එම රෙගුලාසි කඩිනමින් සකස් කිරීමට කටයුතු කරගෙන යන බවද හෙතෙම සඳහන් කළේය.
එසේම වැඩිහිටි සුභ සාධනය වෙනුවෙන් සකස් කෙරුණු නව පනත් කෙටුම්පතට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබීමෙන් පසු නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව යොමු කර ඇති බවද අමාත්‍යවරයා පැවසීය.
දැනට රට පුරා වැඩිහිටි නිවාස 455 ක් ලියාපදිංචි කර ඇති අතර ඒවායේ වැඩිහිටියෝ දහදාහක පමණ පිරිසක් නේවාසිකව සිටිති.
මේ අතර රට පුරා ලියාපදිංචි වී නැති වැඩිහිටි නිවාස සම්බන්ධයෙන් සොයා බලා ඒවා ලියාපදිංචි කිරීමට කටයුතු කරගෙන යන බව කී පන්නිලගේ මහතා එම වැඩිහිටි නිවාස බොහොමයක නිසි පහසුකම් සහ ප්‍රමාණවත් කාර්ය මණ්ඩල නොමැතිව පවත්වාගෙන යන බවට තොරතුරු අනාවරණය වී ඇතැයි ද සඳහන් කළේය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd