(නිමල් ජයරත්න)


වැඩි මිලට අලෙවි කිරීම සඳහා සඟවා තිබු පෙට්‍රල් ලීටර් හැත්තෑවක් සමග කාන්තාවක් සැකපිට වැලිකන්ද කාලිංවිල ප්‍රදේශයේ අද  (29 )  අත්අඩංගුවට ගත් බව වැලිකන්ද පොලිසිය කියයි.

මෙම පෙට්‍රල් තොගය නීති විරෝධී ලෙස තම සංචිතයේ තබාගෙන වැඩිමිලට අලෙවි කිරීම සඳහා සඟවා ගෙන ඇති බව ඒ පිළිබඳ පරීක්ෂණ සිදු කරන වැලිකන්ද පොලිසිය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් කාන්තාව වැලිකන්ද කාලිංවිල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 43 ක් වයසති විවාහක කාන්තාවක් බවද පොලිසිය පවසයි.