(විමුක්ති එස් රුද්‍රිගු)

ඇමෙරිකා - ඊශ්‍රායල, ඉරාන යුද්ධය හේතුවෙන් ඇතිව තිබෙන බලශක්ති අර්බුදයට මුහුණ දීම සඳහා අනිද්දා (01) සිට පෙට්‍රල් අපනයන තහනම් කිරීමට රුසියාව තීරණය කර ඇතැයි පැවැසෙයි.

පිරිපහදු ඉන්ධනවල ස්ථිර සැපයුමක් සහතික කිරීම සඳහා රුසියාව මෙම තීරණය ගෙන ඇති බවත් බොරතෙල් සැකසුම් පරිමාව පසුගිය වසරේ මට්ටමේ පවතින බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඉහළ යන ඉන්ධන මිල පාලනය කර ගැනීමට සහ ඉන්ධන හිඟයක් ඇතිවීම වැළැක්වීමට රුසියාව නැවත නැවතත් පෙට්‍රල් සහ ඩීසල් අපනයනය සඳහා සීමා පනවා ඇත.

රුසියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ඇලෙක්සැන්ඩර් නොවැක් ප්‍රකාශ කර ඇත්තේ ඉරාන යුද්ධය හේතුවෙන් ගෝලීය තෙල් වෙළෙඳපොළේ සහ තෙල් නිෂ්පාදන වෙළෙඳපොළේ ඇතිව තිබෙන අර්බුදය හේතුවෙන් බොරතෙල්, පිරිපහදු ඉන්ධනවල මිල නිරන්තරයෙන් ඉහළ, පහළ යාමට ලක්ව ඇති බවයි. ඒ හේතුවෙන් පෙට්‍රල් අපනයනය තහනම් කිරීම සඳහා යෝජනාවක් සකස් කිරීමට බලශක්ති අමාත්‍යාංශයට දැනුම් දුන් බවද ඔහු පැවැසුවේය.

ඉරාන යුද්ධය හේතුවෙන් රුසියානු බලශක්ති නිෂ්පාදන සඳහා ගෝලීයව ඉහළ ඉල්ලුමක් ලැබී තිබෙන බවද ඔහු ප්‍රකාශ කළේය.