(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

ලීසින් වාරික ගෙවා ගැනීමට නොහැකි වූ වාහනයක් රැගෙන යාමට පැමිණි අවස්ථාවේදී එම වාහනයේ හිමිකරුගේ පුත්‍රයා එල්ල කළ බෝතල් හා හිස් වැසුම් ප්‍රහාරයකින් පුද්ගලයකු බරපතල තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි මීගොඩ ‍පොලිසිය පවසයි.

මෙසේ තුවාල ලබා ඇත්තේ නුගේගොඩ නාවල පාරේ පදිංචි (47) හැවිරිදි ලීසින් සමාගමේ නියෝජිතයකු බව පොලිසිය කියයි.

මෙම පුද්ගලයා තවත් කිහිප දෙනෙකු සමග  මීගොඩ ආටිගල පාරේ පිහිටි නිවසකට පැමිණ ඇත්තේ එහි පුද්ගලයකු  මිලදී ගෙන තිබූ වාහනයකට අදාල ලීසිං වාරික නොගෙවීම නිසා එම වාහනය රැගෙන යාමටය.

එම අවස්ථාවේදී වාහනයේ හිමිකරු වාහනය රැගෙන යාමට කැමැත්ත පළකර තිබියදී ඔහුගේ පුත්‍රයා ඊට උරණ වී පැමිණි ලීසිං සමාගමේ නිළධාරීන් හා බස් බස් වීමක් ඇතිකරගෙන පසුව එය ගැටුමක් දක්වා දුරගිග ගොස් ඔහු අත තිබූ හිස් වැසුමකින් මෙම නිලධාරියාට පහරදී පසුව බෝතලයකින් හිසට පහර දී  තුවාල සිදුකර ඇති බව පොලිසිය පවසයි.