(අංජුල මහික වීරරත්න)
කොළඹ විහාරමහා දේවී උද්‍යානය නැවත කොළඹ මහ නගර සභාවට පවරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් දුන්නේය.
කොළඹ මහ නගර සභාව යටතේ පැවති විහාරමහා දේවී උද්‍යානය 2011 වසරේදී නවීකරණ කටයුතු සඳහා නාගරික සංවර්ධන අධිකාරිය යටතට පවරාගනු ලැබිණ.
ඕනෑම දේපළක් සංවර්ධන කටයුත්තක් සඳහා නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගැනීමේ හැකියාව ඇති බව කී අමාත්‍යවරයා සංවර්ධනය කිරීමෙන් පසු එම දේපල පැවති ආයතනයටම ලබා දිය යුතුව ඇති බව පැවසීය.
නාගරික සංවර්ධන අධිකාරිය ලෝක බැංකු ආධාර මත ක්‍රියාත්මක කළ කොළඹ අගනගර ආශ්‍රිත නගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ විහාරමහා දේවී උද්‍යානය නවීකරණය කර 2013 වසරේදී විවෘත කෙරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් ඔව්.. දැන් ආපහු ඕකේ නඩත්තුව කරන්න කියලා තව කෝටි ගාණක් කාබාසිනියා කරලා දාන්න පුළුවන් නගර සභාවේ අයට...