(ඉන්දිකා රාමනායක)

සීදුව වෑත්තෑව නන්දාරාමාධිපතිව වැඩ විසු නැදගමුවේ මහානාම (50) හිමියන් විහාරස්ථානය තූළ ඝාතනය කිරීම සම්බන්ධයෙන් එම විහාරස්ථානයේ සිට අතුරුදන්ව සිටි සැකකාර හිමිනම් අද (15) අලුයම ඩුබායි බලායාම සදහා කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමණි සිටියදී අත්අඩංගුවට ගත් බව ආගමන විගමන නිලධාරීහු පවසති.

ඝාතනය කර තිබු විහාරාධිපති හිමියන්ගේ දේහය ඊයේ (14) විහාරස්ථානයේ ආවාස ගෙයි කාමරයේ තිබී පොලිසිය සොයාගත්තේය.

විහාරාධිපති හිමියන්ගේ ඝාතනයෙන් පසු විහාරස්ථානයේ තිබු ඩිෆෙන්ඩර් රථය සහ සෙසු මෝටර් රථය ගම්පහ ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනකුට රුපියල් ලක්ෂ 186 ට අලෙවි කර ඇති බවට පොලිසිය තොරතුරු හෙළිකරගෙන ඇත.