IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


විහාරාධිපති හිමිගේ ඝාතනයට ශිෂ්‍ය හිමි ගුවන්තොටේදි අල්ලයි

(ඉන්දිකා රාමනායක)

සීදුව වෑත්තෑව නන්දාරාමාධිපතිව වැඩ විසු නැදගමුවේ මහානාම (50) හිමියන් විහාරස්ථානය තූළ ඝාතනය කිරීම සම්බන්ධයෙන් එම විහාරස්ථානයේ සිට අතුරුදන්ව සිටි සැකකාර හිමිනම් අද (15) අලුයම ඩුබායි බලායාම සදහා කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමණි සිටියදී අත්අඩංගුවට ගත් බව ආගමන විගමන නිලධාරීහු පවසති.

ඝාතනය කර තිබු විහාරාධිපති හිමියන්ගේ දේහය ඊයේ (14) විහාරස්ථානයේ ආවාස ගෙයි කාමරයේ තිබී පොලිසිය සොයාගත්තේය.

විහාරාධිපති හිමියන්ගේ ඝාතනයෙන් පසු විහාරස්ථානයේ තිබු ඩිෆෙන්ඩර් රථය සහ සෙසු මෝටර් රථය ගම්පහ ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනකුට රුපියල් ලක්ෂ 186 ට අලෙවි කර ඇති බවට පොලිසිය තොරතුරු හෙළිකරගෙන ඇත.

 



අදහස් (3)

විහාරාධිපති හිමිගේ ඝාතනයට ශිෂ්‍ය හිමි ගුවන්තොටේදි අල්ලයි

Senaka Thursday, 15 September 2022 02:44 PM

එතකොට මිනීමැරුමට දායක වුනු අනිත් අන්‍යාගමික දෙදෙනා අත් අඩංගුවට අරන් නැද්ද තාම.. කැම්පස් ගියොත් ජවිපෙන් අල්ලනවා, පන්සලේ හිටියොතින් සිවුරු ඇරල යන තත්ත්වෙට පත් කරනවා, නැත්තන් හිරේ හරි යවනව ඉතින්.

:       8       15

බද්රානි Thursday, 15 September 2022 04:30 PM

පන්සලේ හාමුදුරුවෝ ඩිෆෙන්ඩර් රථයෙන් දානෙට වඩින කොට පින්වත් දායකයින්ට මොන තරම් ආඩම්බරයක් හිතට දැනෙනවා ඇත්ද? පන්සලේ තිබුන ඩිෆෙන්ඩර් රථයට හා අනෙක් වාහනයට හානියක් වෙලා නැහැ නේද? මේ දිනවල එකට හිටපු පාතාල කල්ලි සාමාජිකයින් දෙකට බෙදී මරා ගන්නවා.

:       0       0

danadaasa Thursday, 15 September 2022 10:57 PM

රට තුළ නීති විරෝධී ක්‍රියා කර පලා යනව. උසාවි නියෝගයකින් තොරව පවා ක්ෂිණිකව ක්‍රියාත්මක වී අත්අඩංගුවට ගනු ලබන ආගමන හා විගමන නිලධාරීනට අපේ උත්තමාචාරය.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 219 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site