( +++ සුජිත් හේවාජුලිගේ)
මහ බැංකු බැඳුම්කර සිද්ධියට අදාළ වෝහාරික විගණන වාර්තාව (Forensic Audit Report) සම්බන්ධයෙන් මැතිසබයේදී සම්පූර්ණ විධිමත් විවාදයක් පැවැත්වීම ගැටලුකාරී වී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවැසේ.
වෝහාරික විගණන වාර්තාව පිටු 10,000කින් පමණ සමන්විත වන හෙයින් එය නිසියාකාරව අධ්‍යයනය කිරීමට මන්ත්‍රීවරුන්ට ප්‍රමාණවත් කාලයක් නොලැබීම ඊට හේතුව යැයි පාර්ලිමේන්තු නිලධාරියෙක් ‘ලංකාදීප’යට ඊයේ පැවැසීය.
වෝහාරික විගණන වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය ලබන 18 හා 19 දිනවල පැවැත්වීමට නියමිතය.
විගණණ වාර්තාව අධ්‍යයනය කිරීමට කාලයක් අවශ්‍ය වන හෙයින් ඒ පිළිබඳ විවාදය ප්‍රමාද කළ යුතු බවට ඇතැම් මන්ත්‍රීවරුන්ගේ අදහස වී ඇතැයි පාර්ලිමේන්තු නිලධාරීහු කියති.
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී අදහස් දැක් වූ කෝප් කමිටුවේ සභාපති ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පැවැසුවේ විවාදයට පෙර මේ පිළිබඳව පුළුල් අවබෝධයක් ලබාගැනීම මන්ත්‍රීවරුන්ට ලෙහෙසි පහසු කටයුත්තක් නොවන බවයි.
වෝහාරික විගණනය කළේ කෝප් කමිටුව හා බැඳුම්කර සිද්ධිය පිළිබඳව විමර්ශන පැවැත් වූ ජනාධිපති කොමිසමේ නිර්දේශය අනුව හෙයින් මේ ගැන කෝප් කමිටුව හමුවේ සාකච්ඡා කර සාරාංශ වාර්තාවක් සකස් කිරීමට හැකියාව තිබූ බවද මන්ත්‍රීවරයා කීය.
මේ අතර වෝහාරික විගණන වාර්තාව කෝප් කමිටුව හමුවේ සාකච්ඡා කිරීම පසුවට කල්දමා ඇත. මෙසේ පසුවට කල්දමා ඇත්තේ ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු රජයේ මුදල් කාරක සභාව මේ දිනවල සාකච්ඡා කරමින් සිටින හෙයිනැයි සුනිල් හඳුන්නෙත්ති මහතා පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්දය ඉවර වෙනකම් ඕක අදිනවා. මොකද ඔතන දෙපැත්තේම ගැහිලි තියෙනවනේ.?
වැඩේ යටගහන්න හදන පාටයි. යමක් කියවා සාරාංශය සටහන් කර ගැනීමට තරම් දැනුමක් මන්ත්‍රීවරුන්ට නැද්ද? විවාදයට පෙර හඳුන්නෙත්තිට බැරිද මන්ත්‍රීවරුන් කැඳවා මේ ගැන සම්මන්ත්‍රණයක් පවත්වන්න. එතකොට මේ වැඩේ දවසකින් ඉවර කරන්න පුළුවන්... එතකොට නියමිත දිනට විවාදය ගත හැකියි...