
(ගයාන් සූරියආරච්චි)
පළාත් නවයට අදාළ දිස්ත්‍රික්ක 16 විහාරස්ථාන 89 කට යුද හමුදා නිලධාරීන් 1584 දෙනකු විහාරස්ථානවල ආරක්ෂාවට සහ ඉදිකිරීම් කටයුතු සඳහා යොදා ඇතැයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජනරාල් රසික කුමාර මහතා පැවසීය.
යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව පැවසුවේ අකුරගොඩ පිහිටි යුද හමුදා මූලස්ථානයේ අද (3) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රසික කුමාර මහතා කියා සිටියේය.
දිවයිනේ විහාරස්ථාන සඳහා යොදවා ඇති ත්‍රිවිධ හමුදා නිලධාරීන් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඉවත් කර නැහැ.
ආරක්ෂාව සඳහා පමණකි 364 දෙනකු සහ ඉදිකිරීම් කටයුතු සඳහා 1220 පමණ යොදවා සිටිනවා.
ආරුගම්බෙ සහ පොතුවිල් ප්‍රදේශ අයත් වන අම්පාර දිස්ත්‍රික්කයේ ඇති දීඝවාපී විහාරයට විශේෂ ආරක්ෂාවක් ලබාදී නැහැ. විශේෂ ආරක්ෂාවක් අවශ්‍ය විහාරස්ථාන බුද්ධ ශාසන අමාත්‍යාංශය හරහා ඉල්ලීමක් කළ යුතුයි. එම ඉල්ලීමට අනුව ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතිය මත ආරක්ෂක නිලධාරීන් යොදවනවා.
යුද හමුදාවේ නිත්‍ය භට පිරිස් අවම කිරීමට කටයුතු කර නැහැ. මෙම වසරේ නිත්‍ය බල සේනාවට 3000 ද ස්වේච්ඡා බල සේනාවට යුද හමුදා සෙබළුන් 1000 වශයෙන් 4000 බඳවාගෙන තිබෙනවා.
මෙහිදී ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය කේන්ද්‍රයේ අධ්‍යක්ෂ කර්නල් නලින් හේරත් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ කර්නල් දුමිල් පතිරණ යන මහත්වරු ද අදහස් දැක්වූහ.
2025 දෙසැම්බර් මස 18
687
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
328
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1116
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘‘වෙහෙර විහාරස්ථානවලට 1500 වැඩි භට පිරිසක් යෙදවලා‘‘
lalith Sunday, 03 November 2024 10:58 PM
ඇත්තටම ආගමික ස්ථානවලට හමුදා ආරක්ෂාව අවශ්‍යද?
බමුණු Monday, 04 November 2024 01:13 AM
මේක බෞද්ධ රටක් රජය බෞද්ධ ආගමට සැලකීමක් කරනවා කියන්නේ මේක. නැතුව ලපයා පිරිකර උස්සගෙන හාමුදුරුවෝ බලන්න යන එක නොවෙයි.