(නිමල කොඩිතුවක්කු)
රට තුළ වාහන මිල ගණන් වේගයෙන් පහළ බසිමින් පවතින බව ලංකා මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමයේ ලේකම් ප්‍රසාද් කුලතුංග මහතා ලංකාදීපයට පැවසීය.
පොලී අනුපාත ඉහළ යාම, වාහන අමතර කොටස් හිගය ඇතුළු කාරණා මත ඇතැම් වාහන වෙළඳ පොළ තුළ අඩු මිළට අළෙවි වන බවත් කුලතුංග මහතා කීවේය.
ඒ අනුව සුසුකි වැගන් ආර්, ටොයටා පැසෝ, ටොයටා විට්ස්, ටොයටා ඇක්සියෝ, ටොයටා ප්‍රිමියෝ, ටොයටා රයිස්, සී. එච්. ආර්, වෙසල්, ග්‍රේස් ඇතුලු මෝටර් රථ මෙලෙස වෙළඳ පොළ තුළ අඩු මිළට අළෙවි වන බවත් ඔහු පැවසීය.
COMMENTS
ඒක මාෆියාවක්. එයාලා ප්‍රචාරයක් යවනව මිල අඩුවෙලා කියලා. ඊට පස්සේ වාහන ටික එකතු කරලා එයාලගෙම sale වලට දා ගන්නවා. ටික දවසකින් මිල වැඩි වෙනවා
මේ නිකම් බොරු ප්‍රචාරයක්. ව්‍යාපාර ගුණ්ඩුවක්.
මිනිස්සු අන්දන්න කරන උප්පරවැට්ට්, මගේ නම් අදහස මිල මුදලක් තියෙනවානම් වැඩි පොලියක් ගන්න පුලුවන් තැනක දාගෙන පොඩි එවුන්ට කන්ඩ අදින්න, හොදට පිටරට භාෂා කිහිපයක් උලන්නලා උන්වත් මේ කුණු වලෙන් ගොඩ ගන්න උත්සහ කරන එක, ඔය වාහන ආණයන කාරයෝ හරියට සෝමාලියන් මුහුදු කොල්ල කාරයෝ වගේ
මෙක වැරදි ප්‍රචාරයක්. සෙල් කාරයො යවන අරංචියක්. පොඩ්ඩක් සෙල් එකකට ගිහින් බලන්න වාහන මිල අහස උසට. අයෙ වාහන ගෙන්නන්නෙ නැති නිසැ කවදාවත් වාහන මිල ඉහල යනව මිසක් බැසිමක් නැහැ.
වාහන ගන්න තියා මිනිස්සුන්ට කන්න බොන්න විදියක් නැතුව ඉන්නේ. වාහන සේල් කාරයෝ ඔවුන් අතර කෘතිම විදියට මිල ඉහළ දදා ඉන්නවා.
මේක ඇත්තක්.. වාහන මිල තව 40%ක් වගේ පහළ යනවා..
බොරු කියන්න එපා හලෝ .වාහනයක් පපු එකෙක් ආයෙත් ඒක කුණු කොල්ලෙට විකුනලා බස් එකේ යන්නේ නැහැ
මිනිස්සුන්ට වාහන සෘජුව ආනයනය කරන්න සරල ක්‍රමවේදයක් හදන්න මේක මාෆියාවක් වාහන සේල් කරුවන්ටත් බිස්කට් වලට කරපු දේම අවුරදු 20ක් කලානම් වාහන නිකන් දෙනවා ෂුවර්
බලාගෙන ගියාම දේශපාලුවෝ විතරක් නෙවේ ව්‍යාපාරිකයොත් ලංකාවේ ජනතාව ගොනාට අන්ද අන්ද රවට්ටනවනේ
ඉහලට ගිය වාහන මිල තමා බයින්නෙ
ව්‍යාපාර මාෆියාව...!