
(සුනිමල් හේවගේ සහ චාපා මධුභාෂිණී)
හබරණ ත්‍රිකුණාමල ප්‍රධාන මාර්ගයේ හතරැස් කොටුව මංසන්ධියේ වාහන පරීක්ෂා කරමින් සිටි පොලිස් සැරයන්වරයකු වාහනයක ගැටී මරුමුවට පත් වී පොලිස් කොස්තාපල්වරයකු තුවාල ලබා හබරණ රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි.
අනතුරෙන් මරුමුවට පත්ව ඇත්තේ හතරැස් කොටුව පොලිසියට අනුයුක්තව සේවක කල පොලිස් සැරයන් බණ්ඩාර මහතාය. මෙම අනතුර ඊයේ (26) රාත්‍රි 10.20 පමණ සිදු වී ඇති බව හතරැස් කොටුව පොලිසිය පවසයි.
හබරන සිට ත්‍රිකුණාමලය දෙසට ගමන් ගත් කාර් රථයක් පරීක්ෂා කරමින් සිටියදී ත්‍රිකුණාමලය දෙස සිට පැමිණි ටිපර් රථයක් පොලිස් නිලධාරින් පරීක්ෂා කරමින් සිටි කාර් රථය හා ඊට පිටුපසින් තිබූ ලොරියක ගැටීම නිසා මෙම අනතුර සිදුවී ඇත.
අනතුරින් කාර් රථය පරීක්ෂා කරමින් සිටි පොලිස් සැරයන්වරයා ටිපර් රථයට යටවී එම ස්ථානයේදීම මරමුවට පත්ව ඇත
චාපා මධුභාෂිණී

2025 දෙසැම්බර් මස 18
587
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1090
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වාහන පරීක්ෂාවට ගිය පී.සී. ලොරියට යටවී මරුට
ගුණරත්න Friday, 27 December 2024 04:48 PM
කාකි ඇඳුම් ඇඳගෙන පාර පැත්තට වෙලා වාහන පරීක්ෂා කරන එක හරි අවදානම්. පොලිසියේ මහත්තුරු දැනගන්න ඕනෑ රාත්‍රී කාලයේදී දුරට දර්ශනය වන ඇඟලුම් පළඳින්න...