IMG-LOGO

වාහන නවීන අංක තහඩු හොරෙන් ගහලා

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් ලබා දෙන ලියාපදිංච් අංක තහඩුවලට සමාන අයුරින් ව්‍යාජ වාහන අංක තහඩු නිෂ්පාදනය ආයතනයක්  වටලා එහි හිමිකරු සහ ව්‍යාජ අංක තහඩු ඇතුළු ඒවා නිෂ්පාදනයට යොදා ගන්නා උපකරණ රැසක් පොලිස් බාරයට ගත් බව බණ්ඩාරගම පොලීසිය කියයි.

බණ්ඩාරගම රයිගම ප්‍රදේශයේ මෙම නීතිවිරෝධි ක්‍රියාව පවත්වාගෙන ගොස් ඇත.

බණ්ඩාරගම පොලිසියට අනුයුක්ත බස්නාහිර පළාත් බුද්ධි නිලධාරීන්ට ලද තොරතුරක් අනුව වැටලීම සිදුකර ඇත,

එම ස්ථානයේ තිබී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව (GMT) යනුවෙන් ඉංග්‍රීසි අකුරු සඳහන් ස්ටිකර් කොල , සකස් කරන ලද ව්‍යාජ අංක තහඩු කිහිපයක්, අංක තහඩු සකස් කිරීමට උපයෝගි කර ගන්නා විවිධ ප්‍රමාණවලින් යුත් ප්ලාස්ටික් සහ යකඩ තහඩු , අංක තහඩු සකස් කිරිමට ගන්නා මැෂිමක් , නිෂ්පාදනය කරන විවිධ පුද්ගලයන්ට ලබාදුන් අංක තහඩු වල ඡායාරූප ඇතුළත් ජංගම දුරකථනයක්, පරිගණක උපාංග ඇතුළු උපකරණ රැසක් පොලිස් භාරයට ගෙන ඇත.

මෙම ස්ථානය පවත්වාගෙන යාමෙන් රජයට ලැබිය යුතු විශාල මුදලක් අහිමි වන අතර , මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලියාපදිංචි අංක තහඩුවට සමාන අංක තහඩු නිෂ්පාදනය කිරීම හේතුවෙන් ඇතැම් පුද්ගලයන් ඒවා විවිධ අපරාධ සඳහා යොදා ගැනීමේ හැකියාව පවතින බවත් මෙවැනි දේ නිෂ්පාදනයෙන් එවැනි අපරාධකරුවන්ට රුකුල් දීමක් යැයි පොලිසිය කියයි.



අදහස් (1)

වාහන නවීන අංක තහඩු හොරෙන් ගහලා

nimal Saturday, 17 December 2022 05:10 PM

පරීක්ෂණ පවත්වා අධිකරණයෙන් වැරැදි කරුවන් හට යළිත් මෙවැනි වැරදි නොකිරීමට සහ වෙනත් දුෂිත ක්‍රියාවන් කරනා පුද්ගලයන් සිටින්නේ නම් ඔවුන් වෙතද පණිවිඩයක් ලබාදීමට දඬුවමක් ලැබිය යුතුවේ. අංක තහඩු නිෂ්පාදනය කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් සහයෝගයක් ලැබී තිබෙන බව පැහැදිලි වේ.!

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 92 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1013 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site