(සුජිත් හේවාජුලිගේ )
පාර්ලිමේන්තුවේ අවශ්‍යතා සඳහා වෙන්වුණු බස්රථ 12ක් පමණ තිබියදී ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයෙන් බස්රථ නවයක් එහි ප්‍රවාහන කටයුතු සඳහා කුලියට ගැනීමෙන් විශාල මුදල් නාස්තියක් සිදුවන බව වාර්තා වේ.
පාර්ලිමේන්තුවේ බස්රථ එහි වෙනම ස්ථානයක කාලයක් තිස්සේ ගාල් කර තිබියදී එම බස් රථවල රියදුරන් සහ සහායකයන් කිසිදු වැඩ කටයුත්තක නොයෙදී වැටුප් ලබන බව පාර්ලිමේන්තු සේවකයෝ පවසති.
ප්‍රවාහන කටයුතු සඳහා යොදා නොගෙන මෙසේ ගාල් කර ඇති බස්රථ අතර වායුසමීකරණය කරන ලද ඒවා කිහිපයක්ද වේ.
ධාවනය කළ හැකි හොඳ මට්ටමේ බස්රථ මෙපමණ සංඛ්‍යාවක් තිබියදී ලංකා ගමනාගමන මණ්ඩලයෙන් බස්රථ මෙලෙස කුලියට ගැනීම අනවශ්‍ය මුදල් නාස්තියක් බවද එම සේවකයෝ පෙන්වා දෙති.
මේ සම්බන්ධයෙන් අප පාර්ලිමේන්තුවේ අධ්‍යක්ෂ(ප්‍රවාහන) සේනක කුලුගම්මන මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ ඒ ගැන තමාට මේ අවස්ථාවේදී යමක් පැවසිය නොහැකි බවයි.
මේ සම්බන්ධයෙන් ලැබී ඇති තොරතුරු පිළිබඳව අවධානය යොමු කර ඇතැයි මුදල් අමාත්‍යාංශයේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෙනෙක් හෝ කට්ටියක් මාසෙ ගානේ කුට්ටියක් ගන්නවා ඇති...
යමක් කියන්න බැහැ. කියන්නේ පාර්ලිමේන්තුවේ බස් තියෙනවා. සේවකයින් ඉන්නවා. ඔවුන්ට පඩි ගෙවනවා කියලා.. මිනිහාට අමතක වෙන්න ඇති... ඒක සාමාන්‍යයෙන් රජයේ ලොක්කන්ගේ හැටි තමයි... ඕවා තමයි අද කාලේ රජයේ සේවකයින් ආයතන සංග්‍රහය, මුදල් රෙගුලාසි වෙනුවට අනුගමනය කරන්නේ...!
බමුණා වගේ අයත් මේ රියදුරන් අතරේ ඉන්නවලු...!
එම අධ්‍යක්ෂව වහාම සේවයෙන් නෙරපන්න. නිකන් නෙමෙයි පස්ස පැත්තට පයින් ගහලම නෙරපන්න.
දේශපාලකයින්ගේ හොර තක්කඩි හෙංචයියන් ඔය වගේ තනතුරු වලට පත්කළොත් වංචාවන් තමයි සිද්ද වෙන්නේ...