(නිමල කොඩිතුවක්කු)
කොරෝනා වයිරසය හේතුවෙන් සිරවී සිටි ශ්‍රී ලාංකිකයන් 33 දෙනා මුදා ගැනීමට චීනයේ වුහාන් බලා ගිය ශ්‍රී ලන්කන් ගුවන් යානයේ ප‍්‍රධාන ගුවන් නියමු චමින්ද ද සොයිසා මහතා ඇතුලූ ගුවන් කාර්ය මණ්ඩලය එම ගමන වෙනුවෙන් ගුවන් සමාගමෙන් ලබාදී ඇති විශේෂ දිරිදීමනාව ප‍්‍රතික්ෂේප කර තිබේ.
වුහාන් ගුවන් මෙහෙයුමේ භූමි මෙහෙයුම් සඳහා නිරතව සිටි ගුවන් සමාගමේ සේවක මහත්ම මහත්මීන් සඳහා මුඛ ආවරණ, අත් ආවරණ ඇතුළු සනීපාරක්ෂක ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා එම මුදල් යොදවන ලෙසට ඔවුන් ගුවන් සමාගමේ පරිපාලනයෙන් ඉල්ලීමක් කර ඇත.
වුහාන් බලා පියාසර කළ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ UL 1423 ගුවන් යානයේ ප‍්‍රධාන ගුවන් නියමුවන් ලෙස චමින්ද ද සොයිසා සහ සංජය අනුෂ්ක ජීවන්දර යන මහත්වරු සහ සහායක ගුවන් නියමුවන් ලෙස ශෙහාන් සෙනෙවිරත්න, රවීන් රණතුංග යන මහත්වරු කටයුතු කළහ.
සෙසු කාර්ය මණ්ඩලය ලෙස ෆර්හාන් හනීෆා, සමින්ද පෙරේරා, ජෙනලි ජාන්ස්සා, කොසාන් අනුරුද්ධ, දනිදු දුනුසිංහ, දිනුක් මාරප්පෙරුම, වසීම් මොහොමඩ්, අමාලි පතිරත්නගේ, එල්, ඞී. එම්. පත්බේරිය, දර්ශන දිසානායක, බී. පී. ආර්. ඩී. පතිරාජ, මලීෂ ප‍්‍රසාද් යන කාර්ය මණ්ඩලය කටයුතු කළේය.
මාරාන්තික කොරොනා වයිරසය හේතුවෙන් සිරවී සිටි ශ්‍රී ලාංකිකයන් 33 දෙනා මුදා ගැනීමට චීනයේ වුහාන් බලා ගිය ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ සියලුම කාර්ය මණ්ඩලය ස්වේච්ඡෙවෙන්ම එම අවදානමට මුහුණ දීමද විශේෂත්වයකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශිෂ්ඨයි මහත්වරුනි.. මේ තමයි සැබෑ මානුෂිය ගුණය.. වෛද්‍යවරුනි, ඔන්න ගන්නවා නම් ආදර්ශ.. (සියලුම වෛද්‍යවරුන් නොවේ)
මේ තමයි ඇත්ත මිනිස්සු...
අපේ කොල්ලෝ ඕනෙම දේකට සූදානම්... අවශ්‍ය අවංක වැඩ කරන්න ඉඩක් විතරයි...
ඉතාම අගේ කළයුතු වැඩක්. වෙන මොනම රටකවත් මේ දවස්වල චීනයට ගුවන්යානා ගෙන යන එක මාධ්‍ය සංදර්ශනයක් බවට පත්කර ගත් බවක් අප නම් දැක්කේ නැහැ...
එක විදේශික කොරෝනා රෝගියෙක් සිටි නිසා අතිරේක දීමනා ඉල්ලු දොස්තරවරුන් ගැන ලැජ්ජයි. විධිමත් සෞඛ්‍ය රක්ෂණ ක්‍රමයක් සැලසුවා නම් හැමටම මේ මාෆියාවෙන් මිදී සිංගප්පූරු යන්න පුළුවන් බෙහෙත් ගන්න...
"වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද මුරදේවතාවුන් වැනි මිනිසුන් ඇත. ඒ දේවතාවන් දිව්‍යාන්ගනාවන් මනුලෝ තලයේ වාසනාවන්.." අපි ඔබලා වැනි අයවලුන් ලැබීමට වාසනාවන්ත වී ඇත.
ඉතා අගයකොට සලකනවා.
තම උතුම් සේවය හෑල්ලු නොකර ගැනීම ගැන ආඩම්බරයි. රටක නායකත්වය සමඟ ජනතාවගේ උතුම් සිතුවිලි ඉස්මතුවේ.
ශ්‍රී ලන්කන් ගුවන් යානයේ ප‍්‍රධාන ගුවන් නියමු චමින්ද ද සොයිසා මහතා ඇතුලු ගුවන් කාර්ය මණ්ඩලයේ මේ කතාව ඉහළින්ම අගය කරනවා. හැබැයි ඔබ දන්නවද අර GMOA එකේ දොස්තරලා ටික, ඒ ගොල්ලෝ කොරෝනා රෝගීන්ට සාත්තු කරන්න දීමනාවක් ඉල්ලුවා... වෙනස කොතරම්ද..?
ඉතාම අගේ කළයුතු වැඩක්.
ලංකාවේ ගුණවත් කිහිපදෙනෙක් තවම ඉන්නවනේ... මේ පුවත කියවනවිට හරි සතුටක් ඇති වුණා. ඔබලාට පින් අයිතිවෙනවා.
දැන් මේ මාධ්‍ය සංදර්ශනය නවත්වමුද? හොඳටම ඇතිවෙලා තියෙන්නේ...
ඒකටත් එක්ක අහිංසක ලෙඩ්ඩු ගසා කන අය.?
ඔබ දුන්නු ආදර්ශය ඉතාමත් හොදයි. දොස්තරලා වගේ දිරිදීමනා ඉල්ලුවේත් නෑ අඩුම තරමේ දීපු එකත් එපා කියනවා ... ඒකට අපේ දොස්තරලා කරන්නෙම කල දුටු කල වල ඉහගන්න හදන එක.
විශිෂ්ට සහෝදරවරුනි, ඔබලාට තුනුරුවන්ගේ සරණයි.
ඔබලා කලේ විශිෂ්ට සේවයක් ඒ සඳහා කුමන හෝ දීමනාව ගත්තා නම් කල සේවයේ වටිනා කමක් නැත.
රටේ නායකයා ආදර්ශය සැපයූ විට ජනතාව පැකිලීමකින් තොරව ඒ අනුගමනය කරනවා. රට හරි මාවත කරා ගමන් කරන අයුරු දැනේ. ඔබ සියලු දෙනාට මහත් පිං.
ඕවා ගත්ත වගේ නෙමේ දිරවනකොට නැත්ද මම අහන්නේ. ඊට වැඩිය ක්‍රම තියෙද්දී නැත්ද ? වරදක් සිදුවුනත් සමාවක් දෙනවා වීර ක්‍රියාව නිසා ඒ වගේම තමයි බැරි වෙලාවත් ලෙඩේ බෝවුනනම් බිරිදගෙන් ආණ්ඩුවට හොඳ ටිකක් අහගන්න තිබුන හොඳ වෙලාවට මහින්දටයි විමල්ටයි ඇමතිකම් තියෙනවා නැතිනම් අද මේ ලෙඩේ සීග්‍රයෙන් පැතිරෙනවා කට වචන වලින්.
සමහර වෘතිකයන් මේ රෝගය එන්න කලින්ම දීමනා ඉල්ලුවා රටක මෙවන් විශිෂ්ඨ මිනිස්සු ඉන්න බව දැන ගැනීම සතුටක්
ඔබ කල මේ විශිෂ්ට සේවය ගැන ලංකාදීපය වාර්තා කල නිසා අපි දැනගත්තෙමු. ඔබ මේ ගැන දන්නෙවත් නැතුව ඇති. නමුත් මෙහි අදහස් දමා ඇති සමහරකුන්ට මෙය මාධ්‍ය සංදර්ශනයක් ලෙස පෙනී ගොස් ඇත. ඒ ගැන නොසිතන්න. අපි ඔබට ගරු කරමු. ඔබට ප්‍රශංසා කරමු. අගය කරමු.
මට තේරෙන්නේ නැහැ මේකේ තියෙන විශේෂත්වය. මේක ඒගොල්ලන්ගේ රැකියාව. ගුවන්යානෙන් ගිහින් ආපු එක වීරක්‍රියාවක් වෙන්නේ කොහොමද.?
මේ වෙද මාෆියාව රටෙන් තුරන් කරන්න කියලා ගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලමි.
ලෙඩෙකුට තම රාජකාරී සේවය සැලසීමට අමතර දීමනවක් ඉල්ලු දොස්තර මහතුන් ගැන ඇත්තේ පිලිකුලකි.
මෙවන් දුපුතුන් ලද මගේ මවුබිම වාසනාවන්!!!!
මගේ ප්‍රණාමය ඔබ සැමට. සල්ලි මත්තෙම නැහෙන අයට හොඳ කනේ පහරක්.
ඉතාමත් වටිනා ආදර්ශයක් දීල තියනවා අපි හැමෝටම
වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත. ඒ දේවතාවන් දිව්‍යාන්ගනාවන් මනුලෝ තලයේ වාසනාවන් ලක්මව දිනේව ඔබ වැනි දරුවන් ලැබීමට
සේවය අගය කරමු. ලාංකිකයන් වන අපේ හද පතුලින් ප්‍රණාමය !
ඒ මහත්වරුන්ගේ තිබෙන මහත්මාකමට දිරි දීමනා ප්‍රතික්ෂේප කළාට දොස්තර මාෆියා සංගම් කල්ලිය දිරි දීමනා ලබා දිය යුතුයි කියලා රජයෙන් ඉල්ලීමක් කළා නේද? මහත්වරු හා මහත් හොරු අතර වෙනස ඒක තමයි.
බොරු ෂෝ එපා. අර අයි ඩි එච් එකේ වැඩ කරන මිනිස්සුන්ට මාස්ක් වත් නැහැ. මෙයාලට ජනපති භෝජන සංග්‍රහ.