
(දයාසීලි ලියනගේ)
මෝටර් වාහන ආනයනය සීමා කිරීමෙන් ආනයන මත නිෂ්පාදන බදු ආදායම රුපියල් බිලියන 49.1කින් අඩුවී ඇතැයි මුදල් අමාත්‍යංශය සඳහන් කරයි.
ගිය වසරේ පළමු මාස අටක කාලය තුළදී මෙම ආදායම අහිමි වීම සිදු වි ඇති බව ගණන් බලා ඇත.
රජය වාහන ගෙන්වීම සීමා කළත් ගිය වසරේ පළමු මාස අටක කාලයේ වාහන 26953ක් ආනයනය කර ඇති අතර එම කාලයේ වාහන 22779ක් ලියාපදිංචි කර තිබු බව ද මුදල් අමාත්‍යංශය මැතක දී නිකුත් කරන ලද වාර්තා වේ සඳහන් කර ඇත.
මෙම කාලය තුළ මෝටර් රථ 72ක් බස් රථ 4ක් ත්‍රිරේද රථ 2002ක් යතුරු පැදි 1110ක් ලොරි රථ ඇතුළු භාණ්ඩ ප්‍රවාහන රථ 1744ක් ඉඩම් වාහන 12877ක්, ද්විත්ව කාර්ය වාහන9144ක් ආනයනය කරන ලද බව එම වාර්තාවේ සඳහන් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd