
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
නව වාහන අංක තහඩු ලබාදීමේ ක්‍රමවේදයේ ප්‍රමාදයක් ඇති බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී අද කීය
2025 සැප්තැම්බර් 30 දිනට වාහන අංක තහඩු 165,512 ලබාදී නොමැති බවද ඔහු පැවැසීය
බිමල් රත්නායක මහතා මෙසේද කීය
"වාහන අංක තහඩු ලබාදීම අපි සැලසුම් කළාට වැඩිය ප්‍රමාදයක් තියෙනවා. නව වාහන අංක තහඩුවල විශේෂ ආරක්ෂිත ලක්ෂණ 07ක් අඩංගු වෙනවා. මේ ලක්ෂණ 07 ලංකාවේ පරීක්ෂා කිරීම පිළිබඳව අපි භාරදුන්නා මොරටුව සරසවියට. ඔවුන් මාස තුනක වගේ කාලයක් ගත්තා. ඒ වගේම ඔවුන්ට පුළුවන් කියලා ප්‍රකාශ කළේ එයින් 06ක් පමණයි. ඒ නිසා අපි 07 වෙනි එක පිළිබඳ පරීක්ෂා කිරීම ජාත්‍යන්තර වශයෙන් සිදුකරන්න වෙලා තියෙනවා. ඒ නිසා තමයි මේ ප්‍රමාදය වෙලා තිබෙන්නේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය මොරටුවේ විශ්ව විද්‍යාලයේ මහලොකු කෙරුමෝ නේද ඉන්නවා කියන්නේ..? වැඩබැරි ටාසන්ලාගෙන් වැඩ ගන්නේ නැතිව, එකපාරටම වැඩේ හරියට කරන්න පුළුවන් ආයතනයකට බාරදෙන්න... තමන්ගේ අතින් වැරැද්දක් වුණත්, අනුන් පිට පටවලා ලිස්සලා යන්න පුළුවන් නිසා තමයි බාගෙට කරන්න වැඩ බාර ගන්නේ.. අනික ලංකාවේ අය එක්ක කොහොමද වෙලාවට වැඩක් කරන්නේ...? අපි නම් අහලා තියෙන්නේ" නිමාකළ යුතුව ඇති වැඩ තමා අත, පමාවට කරුණු මට උවමනා නැත" කියලයි.. අනික ඔය පමාව ජනතා කනස්සල්ලකට විශාල හේතුවක් විය හැකියි...
අපිට හදිස්සියක් නැහැ, පුළුවන් දවසක් දෙන්නකෝ. ඔයාල විපක්ෂෙ හිටියා නම් රඟන රැඟිල්ල බලාගන්න තිබුණා. කියන එකත් කරන එකයි දෙකක් නේද බිමලෝ.
අර ඉස්සර කලා වගේ ඩාලි පාරේ කඩවල් වලින් අංක තහඩුව වාහන හිමියන්ටම හදාගන්න කියුවනම් ඉවරනෙ වැඩේ.