
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බණ්ඩාරගම කළුතර මාර්ගයේ වෑවිට ලොරියක්, වෑන් රථයක් සහ ත්‍රීරෝද රථයක් එකිනෙක ගැටීමෙන් 11 දෙනකු තුවාල ලබා රෝහල්ගතව ඇතැයි බණ්ඩාරගම පොලිසියය කියයි
තුවාල ලබා ඇත්තේ නර්තන කණ්ඩායමක සාමාජිකයන් පිරිසකි
ලොරි රථය මොරන්තුදුව දෙස සිට බණ්ඩාරගම දෙසට පැමිණීමේදී ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි ත්‍රීරෝද රථයක් මාර්ගය හරහා පැමිණ ලොරි රථයේ ගැටීමත් සමඟම ලොරි රථ රියදුරු තිරිංග තද කර ඇතිතර ලොරියේ පිටුපසින් පැමිණි වෑන් රථය ලොරියේ ගැටීමෙන් මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි
තුවාල ලැබූවන් බණ්ඩාරගම දිසා රෝහල වෙත ඇතුළත්වඇත
බණ්ඩාරගම පොලිසිය පරීක්ෂණ පවත්වයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කාලේ හදිසි අනතුරු වලින් හානි වෙන්නේ එකට ඉන්න කණ්ඩායම්.
දැන් ආයේම සමහර ත්‍රි රෝද රථ මාර්ග වල අපරික්ෂාකාරීව නිතර ධාවනය වෙනවා පේනවා. ඒ දවස් වල මේවායේ අනතුරු නිසා අඩු වේග සීමාවකුත් දාලා තිබුණා. නැවත මේවා නියාමනය කළොත් හොඳයි.