
(යොහාන් භාසුර )
චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබාගැනීමට අද (6) සමත් විය.
එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ පැවැත්වෙන විස්සයි20 කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ අබුඩාබිහිදී අද පැවැති දෙවැනි අවසන් පූර්ව තරඟයේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ (149/6) ලකුණු 15 කින් සත්කාරක එක්සත් අරාබි එමිර් රාජ්‍ය පිල (134/7) පරාජය කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට සමත් වූහ.
ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්තය අතර අවසන් මහා තරගය හෙට (7) අබුඩාබිහිදී පැවැත්වීමට නියමිතය.
අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්තය යන කණ්ඩායම් දෙකට බංගලාදේශයේදී ලබන ඔක්තෝම්බර් මස පැවැත්වෙන විස්සයි20 කාන්තා ලෝක කුසලාන තරගාවලියට සහභාගි වීමේ අවස්ථාව හිමිවෙයි.
2025 දෙසැම්බර් මස 18
448
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
248
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1036
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විස්සයි 20 ලෝක කුසලානයට අපේ කෙල්ලෝ සුදුසුකම් ලබති
Senarath Monday, 06 May 2024 09:13 AM
ඉතාම විශිෂ්ඨයි. අපේ උණුසුම් සුබපැතුම්. ඔබ සියලු දෙනාටම..!