(අංජුල මහික වීරරත්න)
2023 /24 වර්ෂයේ මහ කන්නයේ දී අධික වර්ෂාව හා ගංවතුර නිසා එළවළු ඇතුළු අනිකුත් බෝග වගා කළ බිම්වලින් හෙක්ටෙයාර් 68,131ක් විනාශයට පත්ව ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියයි.
මෙම වගා හානි සිදුවූ බිම් ප්‍රමාණය සමස්ත වගා කළ බිම් වලින් සියයට 71ක් බව ද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.
මීට අමතරව මහ කන්නයේ දී වී වගා කළ කුඹුරු ඉඩම් හෙක්ටෙයාර් 100,000ක් ද අධික වර්ෂාව හා ගංවතුර නිසා හානියට පත්විය.
පසුගිය වසරේ මාස හතරහමාරක් පමණ අඛණ්ඩව වර්ෂාව නිසා එළවළු වගා හානි වීමෙන් මෙම වසරේ මුල් මාස තුනේ එළවළු මිල ශීඝ්‍රයෙන් ඉහල ගියේය.
මීට අමතරව එළවළු ඇතුළු අනිකුත් බෝග වගා හෙක්ටයාර් 23,874ක් කෘමිහානි හා වෙනත් රෝගවල බලපෑමට ලක්වූ බවත් එම ප්‍රමාණය සමස්ත හානියට පත්වූ වගා බිම්වලින් සියයට 27ක් බවත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.
පෙබරවාරි, මාර්තු මාසවල යහපත් කාලගුණික තත්ත්වයක් පැවැතීම හේතුවෙන් එළවළු හා අනිකුත් බෝග වගා බිම් අතිශය සාර්ථක වී ඇතැයි ද එම නිසා එළවළු මිල ගණන් විශාල ලෙස පහළ ගිය බව ද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියයි.
2023/24 මහ කන්නයේ වගා හානි සම්බන්ධව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සකස් කළ වාර්තාවක් එළි දක්වමින් එම දෙපාර්තමේන්තුව කරුණු අනාවරණය කළේය. මෙම වාර්තාව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාට බාර දෙනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකයේ ඇතිවී තිබෙන දේශගුණික විපර්යාස නිසා බලපා තිබෙන තත්වයක්, රනිල්ගෙන් උපදෙස්... පිළියම් අහන්න මොකද එයා තමයි වැඩියෙන්ම දේශගුණික විපර්යාස සමුළු වලට සගභාගි වුණු රාජ්‍ය නායකයා...