බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල වැසිවාර කිහිපයක් ඇති වේ.
ඌව පළාතෙත්, අම්පාර, මඩකළපුව සහ මුලතිවු දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ගිගුරුම් සහිත වැසි තරමක තද සුළංද ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේ දී, අගෝස්තු මස 28 වන් දින් සිට සැප්තැම්බර් 07 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශවලට සෘජුවම ඉහලින් පවතී. අද දින (29) දහවල් 12:11ට පෙවි (කිලිනොච්චි දිස්තික්කය) සහ චගෙයි (මුලතිව් දිස්තික්කය) ප්‍රදේශවලට හිරු මුදුන්ව පවති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සබරගමුවට නම් විටින් විට නොවෙයි උදේ සිටම තවමත් වහිනවා ඊයේ පෙරේදා දෙදිනත් සුලු වැස්සක් තිබුනා
27ට පෙර කීවෙ ඔක්තෝබර් වෙනකන් වහින්නේ නැත කියලයි. මොකට මෙයාලට පඩි ගෙවනවද මන්දා...