
(බන්දුල ඉලේපෙරුම)
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් මීට සුළු මොහොතකට පෙර සම්මත විය.
එහිදී ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්ද 156ක් හා විපක්ෂව ඡන්ද 65ක් ලැබිණි.
සමගි ජනබලවේගය සමග එක්ව තරග කර පාර්ලිමේන්තුවට පැමිණි රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ පක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක්ද 20 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට පක්ෂව ඡන්දය භාවිත කළහ. නමුත් රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා ඊට විරුද්ධව ඡන්දය භාවිත කළේය.
මීට පෙර විරෝධය පළ කළ විජයදාස රාජපක්ෂ මහතාද පක්ෂව ඡන්දය භාවිත කළේය. සමගි ජනබලවේගයේ ඩයනා ගමගේ මන්ත්‍රීවරියද 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශා්ධනයට පක්ෂව ඡන්දය ලබාදුන්නාය.
...............................................................................................................................................
20වැනි සංශෝධන කෙටුම්පත තෙවැනි වර කියවීමෙන් පසු ඊට පක්ෂව මන්ත්‍රීවරු 156 ක්ද, විපක්ෂව මන්ත්‍රීවරු 65 ක්ද ඡන්දය ලබාදුන්හ.
ඒ අනුව එම කෙටුම්පත තුනෙන් දෙකක බහුතර බලයකින් අද පාර්ලිමේන්තුවේදී සම්මත විය.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුස්ලිම් ජනතාව මම හිතාගෙන හිටියට වඩා ගොඩක් බුද්ධිමත්, මෝඩ සිංහලයින් රිෂාඩ් බදුර්දීන්ගේ ඡන්දය ගැන ඇහැ ගහගෙන සිටින වෙලාවක, ගණන් හිලව් බලලා ඔවුන් ආණ්ඩුවට වක්‍රාකාරයෙන් හේත්තු වුණා.. නිර්නාමිකවම අලි සබීර් මහතා අධිකරණ ඇමති ධුරයට පමණක් නොවෙයි අනාගතයේදී රටේ ජනාධිපති කමටත් සුදුසුයි. මේ රටේ ඉතිහාසය මතක තියන සිංහලයන්ට මතක නම්, එදා රජාට විරුද්ධව සුද්දන්ට එකතු වුණ සිංහල ජනතාවක් සිටි බව. අන්න ඒක මතු අනාගතයේදීත් සිදුවිය හැකි බව පමණක් මතක තබා ගත්තොත් හොඳයි. සිංහල තක්කඩි පාලකයින් හැමදාම කලේ ඔවුන්ගේ බලය තහවුරු කර ගැනීම පමණයි ජනතාවට නම් මේ වනතෙක් කිසිම සෙතක් සිදුවී නොමැත.
දැන් බලාගන්න අනාගතේ මොනවද වෙන්නේ කියලා.. ලංකාවේ 69 ලක්ෂය දවසක තේරුම් ගනීවි.. මිනිස්සු පාරට බහින දවසක් එනවා.
හාමුදුරුවනේ, දැන් මොකක්ද ඔබවහන්සේලා කරන්න යන්නේ?
(ගරුතර " සිල්වත් "ස්වාමින්වහන්සේලාට නොව) මේ අර සෙට් එකටයි. හාමුදුරුවනේ, ඉල්ලන් කෑවා නේද...? නයින්ට කිරි පොවන්න කියලා කිවේ කවුද...? පන්සල් වලට එන මිනිස්සුන්ගේ මොලය සුද්ධ කරලා, ඔවුන්ට බොරු බේගල් දේශනා කරලා ඡන්දෙ දම්මවා ගත්තා. අන්තිමට හොද්දේ කරපිංචා කොලයක් වගේ හාමුදුරුවන්ගේ ඉල්ලීම් විසිකරලා දාලා 20 සම්මත කළා. දැන් ඉතින් කෑ ගහලා ඉවරයි. ජනාධිපතිට ඕන දෙයක් කරන්න පුළුවන්. රට විකුනන්න, මිනි මරන්න, හොරකම් කරන්න ... ඕන දෙයක්. මිනිස්සුන්ව රවටලා මේ හොර රැල බලයට පත්කර ගත්තට... රට විනාශ කලාට දේශපාලනයට සම්බන්ධ චීවරධාරීන් පන පිටින්ම අපාගත වෙනවා.
ජනාධිපතිවරයා ඇමරිකාව ගැන හැඟුම්බර වෙලා ඇඬුවලු. ද්විත්ව පුරවැසිභාවය නැතුව සංකාව වෙන්නැති. ඒකට හිත උණුවෙලා හොර දේශප්‍රේමියෝ 20ට පක්ෂ වුනාලු. මුල ඉඳන්ම කතා වෙලා හිටපු විදිහටම අඬන්න කියන්න ඇති. මුස්ලිම් ඡන්ද දෙන බව කලින්ම දන්නවා. හැබැයි රාවුෆ් හකීම්ට තිබ්බ කොන්ද සිංහල බෞද්ධ මන්ත්‍රීවරුන්ට තිබ්බේ නැහැ. දැන් මේක ගැන කතා කරලා වැඩක් නැහැ. හැබැයි අපිට තව දේවල් තියෙනව කරන්න.
රිෂාඩ් දුන්නේ නැහැ. රිෂාඩ්ගේ ගෝලයෝ දුන්නා. හකීම් දුන්නේ නැහැ. හකීම්ගේ ගෝලයෝ දුන්නා. කොහොමද බැසිල්ගේ ගේම... දැන් විමල්ලාට කියන්න පුළුවන් එයාලා රිෂාඩ්ගේ ඡන්ද ගත්තේ නැහැ කියලා 69 ලක්ෂයේ බයියන්ට මෝඩ විනෝදයක් දෙන්න..
ඉන්දියානු බූවල්ලන්ගෙන් ගැලවී ලෝක බලවතුන් සමග සෘජු සම්බන්ධතා පිහිටුවා ගැනීමටත් වෙළ`ද කටයුතු පවත්වා ගැනීමටත් මෙය ඉවහල් වෙවා...
20ට විරුද්ධ වුණු හාමුදුරුවරු අතරින් විශේෂයෙන්, පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හාමුදුරුවන්ටයි, පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හාමුදුරුවන්ටයි, පූජ්‍ය බෙංගමුවේ නාලක හාමුදුරුවන්ටයි මුළු මහත් සිංහල බෞද්ධ ජනතාවම වෙනුවෙන් මගේ ගෞරවය පිරිනමනවා. මේ හාමුදුරුවරු හුඟක් මහන්සි වුණා. ඇල්ලේ ගුණවංශ හාමුදුරුවෝ ආවේගයෙන් කතා කරනවා මම දැකලා තියෙනවා. නමුත් මේවර නම් ඊට වඩා වැඩි දෙයක් හාමුදුරුවන්ගේ තිබුණා. රට වෙනුවෙන් ඉදිරිපත් වෙන්නේ නැවත ඉපදුණු අපේ මුතුන් මිත්තන්. 20 කිසි වෙනසක් කරන්නේ නැහැ කිව්ව උද්දච්ච ආණ්ඩුව තැති ගන්වලා, ආණ්ඩුවේ තටු එකින් එක කැඩුවේ රට වෙනුවෙන් ඉදිරියට ආපු මහා සංඝරත්නය. අනිත් තටු ඔක්කොම වැටිලා, ආණ්ඩුවට ඉතුරු වුනේ ජනාධිපති සහ අලි සබ්‍රි පෙනී හිටපු අං තට්ටුව විතරයි... :) මහා සංඝරත්නය තමන්ගේ ජීවිත ගැනවත් නොතකා කළ මේ උදාර මෙහෙයුම සහ මෙහෙවර ජනතාවට අමතක වෙන්නේ නැහැ. අපි දැක්කේ යටත් විජිත කාලේ සුද්දයි, සුද්දගේ බයිනෙත්තු හමුදාවයි තැති ගන්වමින් ඉංග්‍රීසි කොඩිය පාගල බිම දමපු වාරියපොළ සිරිසුමංගල හිමියන්ට තිබ්බ ශක්තියමයි. 20ට විරුද්ධව කළ විරෝධය නිසා මහා සංඝරත්නය සහ ජනතාව අතර අලුත් බැඳීමක්, අලුත් විශ්වාසයක් ඇති වුණා.
ඉතිහාසය පුරාවටම ලෝකයේ සිදුවුන දේවල් අනුසාරයෙන්... මට මේ විදිහට හිතන්න සිදුවුණා.. ඇමෙරිකාවේ සහයෝගය ඇතිව ඉන්දියාවේ රෝ ඔත්තු සේවය ලස්සනට, හෙමිහිට කාටවත් නොදැනෙන්නම රාජපක්ෂලාගේ හිතවතා වන බ්‍රැන්ඩික්ස් හරහා අලුත්ම කොරෝනා කිලෝ ගණනක් ලංකාවට එවලා පැතිරෙන්න සැලැස්සුවා. ඒ ගොල්ලන් කතාවෙනවා...".. ලංකාවේ කොරෝනා පැතිරිලා ගියොත් රට ආර්ථික වශයෙන් අස්ථාවර වෙනවා. එතකොට ලංකාවේ පාලකයින් අපේ දෙපාළඟට ඇවිත් " හිඟමන් " ඉල්ලනවා. අන්න එතකොට අපිට පුළුවනි අපිට ඕනෑදේවල් ලියා ගන්න. ඒ වගේම වැඩේ ගැස්සුනොත් අපි ඒ ගොල්ලන්ව අරක්ෂා කරගන්නවා කියලත් කියලා රවටමු..."දැන් ආණ්ඩුව 20 ත් සම්මත කරලා ෆුල් ෆෝම් එකේ ඉන්නේ. බයියන්ටත් ජොලි... ඇටිකෙහෙල් කාපු උගුඩුවන් වගේ සද්ද නැහැ. මේ පිටුව පරිස්සම් කරලා තියාගත්තොත් ඔබට අනාගතයේදී ප්‍රයෝජනවත් වේවි... මේ " ඔව් " කියලා ඡන්දෙ දීලා තියෙන නරුම පාවාදෙන්නන් ගැන අනාගතයේ දවසක සිහියට නගාගන්න. අපේ රට අපිට නැතිවෙලා යන්න මොහොතකට කලින් හෝ අපි මේ පාවාදෙන්නන්ගෙන් පලි ගත යුතුයි.
තවත් ඒකාධිපති රටක් ලොවට බිහිකළ 69 ලක්ෂයට මගේ සුබ පැතුම්..!
මට දුක උන්නාන්සේලා ගැන. රට නැවතත් ජේ.ආර්. යුගයකට..
රටට සාපයක් වූ 2015 කොඩිවිනය මෙසේ කපා දැමූ වගයි...
ජනතාව වැඩි බලයක් දීලා රජය පත් කරගත්තේ වේදිකාවේ මොරදුන් දේශපාලන කථිකයන් කීදේ කෙරෙහි විශ්වාස කරලා. ඒත් ගම්මන්පිලලා, වාසුලා, දිනේෂ්ලා, වංශලා ඇතුළු අය බොරු සිංහ නාද... කව්ද මන්ත්‍රී කෙනෙකු කීවා වගේ බලු කෙඳිරිලි වෙලා. කෝ එයාලගේ බොරු, බේගල් දේශප්‍රේමය? කෝ අද එදා තිබූ අධිරාජ්‍ය විරෝධී අදහස්. මේවා නිකන් පුහු වදන් විතරයි. රඟපෑම් විතරයි. දැන් දැන් ඡන්ද දායකයන් මොනවා හිතනවා ඇද්ද? කෝ අර කඩේ ගිය චීවරධාරීන්... කෝ අර නර්ස් නොනාලාගේ එකම ගැලවුම්කරු. හැබැයි එක දෙයක් කිවයුතුයි. ජනපතිතුමාට රට ගැන පෙරදී සැබෑ වුවමනාවන් තිබුණා. පසුව එයට වෙනත් බලවත් අය බාධා කළා. එතුමාට දැන් බාධා නැහැ. සමහරවිට එතුමා නිසිලෙස රට හදාවිද දන්නේ නැහැ. එසේ වුණොත් මුළු රටම එතුමාට කැමැති වේවි. එහෙම වුනොත් කෙතරම් අගනේද...?
විපක්සයේ ඉඳගෙන ඡන්දෙ දුන්නු මිනිස්සුන්ගේ මතයට ගරහමින් සල්ලි මලු, වරප්‍රසාදවලට කාලකණ්ණි පිරිසක් 20ට ඡන්දෙ දීලා. මේ ඔක්කොම කාලකණ්ණි. 69 ලක්ෂයක් රාජපක්ෂලාට ඡන්දෙ දුන්නේ එක පවුලක් රජකරන්න නේද? දැන් සැපද?
මේකද මෙ? තුප්පහි සිංහලයා ! හම්බයාට දණ ගහුවනෙ ?
රට රකින විරුවා හාමුදුරුවන්ටත් පිටුපෑවා. රටත්, සිංහලයාත්, බුදුදහමත් ඉවරයි. දැන් ඉතින් චීනං සරණං තමයි ඉතින්...
මෙයා පත්වෙලා ආවේ ජාතික ලැයිස්තුවෙන්... ගොඩක් සුදුසුකම් තියෙන අය ඉන්දැද්දි මෙයාව ලිස්ට් එකට දැම්මේ ඇයි කියලා ගොඩක් දෙනෙක් ඇහුවා. සජිත්ගේ දේශපාලන දැනුම ගොඩක් මදි පාර්ලිමේන්තුවේ වැඩ කරගන්න. ඒක එයාගේ කතාවෙන් තේරුණා. එයා ඉම්තියාස් බාකීර් මාකර්ගෙන් දැනුම ගත්තා නම් හරි පරිණතව කතා කරන හැටි ගැන හා වැඩ කරන හැටි ගැන... මේක බැසිල් දුර දිග බලලා ගහපු ගේම් එකක ප්‍රතිඵලයක්... පක්ෂ කුලියට අරගෙන හරියට ඩීල් කරේ නැතිවුණාම ඔහොම වෙනවා. සාමාන්‍ය මිනිස්සුන්ට තේරෙන්නේ නැති බර වචන කතාකරලා තමන් උගත් කියලා පෙන්නන එක නවත්තලා අත්වල ස්ටිකර් අලවාගෙන ඇමෙරිකන් කොඩිය පාර්ලිමේන්තුවට ගෙනල්ලා කරන ළදරු ගොන් පාර්ට් නවත්තලා ඉන්න ඉතුරු ටික හරි තියාගන්න බලන්න කියන එකයි සජිත්ට මට නම් කියන්න තියෙන්නේ.... ඕක තමයි ඇත්ත.
විජිත් මහත්මයා සහතික ඇත්ත කියලා තියෙනවා. ඔය දුශ්ශීල චීවරධාරීන් මැරෙන්නේ අනන්තවත් දුක්විඳලා. බුදුන්ගේ නම පෙන්වමින් සිවුරට මුවාවෙලා දේශපාලනය කරපු ජූජක බමුණන් අවසානයේදී නිරයේ තමයි නවතින්නේ... සර් ජෝන් කොතලාවල මහත්මයා වරක් කීවා දුස්සීල හාමුදුරුවන්ගේ තට්ටේ තාරගාන්න ඕනෑ කියලා... එ්ක වැරදියට වටහාගත්ත මෝඩ සිංහලයින් එතුමාව පැරද්දුවා. අද ඉන්න දුශ්ශීලයින්ගේ තට්ටේ තාර නොවෙයි අසුචි ගාන්න වටිනවා... අපේ රට පාවාදෙන්නන්ට උදව්කළ නිසා...
"ශත වර්ෂයේ හොඳම ගනුදෙණුව කලේ පක්ෂය සජිත්ට විකුණලා ඡන්දය රාජපක්ෂලාට විකුණපු කෙනායි" කියලා කවුදෝ කියනවා ඇහුණා. තමන්ගේ අභිප්‍රාය ඉටුවුනේ නැති තරහට වෙන්න ඇති එහෙම කියන්නේ...