2025 පිනකල් ශ්‍රී ලකා සම්මාන උළලේදී වසරේ ජනප්‍රියතම දිනපතා පුවත්පතට හිමි සම්මානය දිනපතා ලංකාදීප පුවත්පත හිමි කරගත් අතර වසරේ ජනප්‍රියතම සති අග පුවත්පතට හිමි සම්මානය   ඉරිදා ලංකාදීපයට හිමි විය.

ඊට අමතරව ලංකාදීප පුවත්පතට තවත් සම්මාන පහක් හිමි වූ අතර වසරේ ජනප්‍රියතම කාන්තා පුවත්පතට හිමි සම්මානය සිරිකත පුවත්පතට හිමි විය.

වසරේ ජනප්‍රියතම දිනපතා  පුවත්පට හිමි සම්මානය  ලංකාදීප පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ චමින්ද මුණසිංහ මහතා  ලබාගත්තේය.

වසරේ හොඳම ප්‍රවෘත්ති වාර්තාකරුට හිමි සම්මානය ලංකාදීප සම ප්‍රවෘත්ති සුජිත් හේවාජූලිගේ හිමි කරගත්තේය. 

සති අග පුවත්පතට හිමි සම්මානය  ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සඳුන් ගමගේ විසින්  ලබා ගන්නා ලදි.

වසරේ හොඳම ප්‍රවෘත්ති වාර්තාකරණයට හිමි සම්මානය ලංකාදීප ප්‍රාදේශීය අංශය හිමිකරගත් අතර ඊට අදාල සම්මානය ලංකාදීප ප්‍රාදේශීය ප්‍රවෘත්ති කර්තෘ නිරෝෂණ ගොඩැල්ලගේ  ලබා ගත්තේය.

වසරේ ජනප්‍රියම ප්‍රවෘත්ති වෙබ් අඩවියට හිමි සම්මානය www.lankadeepa.lk වෙබ් අඩවිය හිම විය.

සම්මානය ලංකාදීප සම ප්‍රාදේශීය ප්‍රවෘත්ති කර්තෘ සහ ලංකාදීප වෙබ් කර්තෘ අරුණ ශාන්ත කුමාර  ලබාගත්තේය. 

වසරේ ජනප්‍රියම කාටුන් ශිල්පියාට හිමි සම්මාන දාස හපුවලානගේ මහතාට හිමි විය.  වසරේ ජනප්‍රියම සිනමා පිටුවට හිමි සම්මානය ලංකාදීප විශේෂංග කර්තෘ සමන්ත යහම්පත් මහතා හිමිකරගත්තේය.

කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේදී අද සවස පැවැති සම්මාන උලළේදී දිවයින පුරා විසිර සිටින විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන ව්‍යවසායකයෝ 500කට අධික පිරිසක් සම්මාන දිනාගත්හ.

සම්මාන ප්‍රදානය කිරීමේ අවස්ථාවට හිටපු කතානායක කරු ජයසූරිය, පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන, පාර්ලිමේන්තු මන්ත්‍රි චාමර සම්පත් දසනායක, හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන, එම්.යූ.ජී.පී. ආයතනයේ විධායක අධ්‍යක්ෂ නිරෝෂණ් මාධව, එහි නිර්මාන අධ්‍යක්ෂිකා හේමරංස් රණසිංහ, ශ්‍රියන්ත මෙන්ඩිස්, කුසුම් රේණු, කුමාරී මුණසිංහ, පුෂ්පා රමාන්‍යානිද සොයිසා යන මහත්ම මහත්මීහුන් ඇතුළු පිරිසක්  එක් විය.

(ඡයා ඉසුරු පෙරේරා)