(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

විසර්ජන පනත සංශෝධන කිරීම සඳහා වූ විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පතට කතානායක  මහින්ද යාපා අබේවර්ධන මහතා අද (09) සිය සහතිකය සටහන් කළේය.

මේ අනුව මෙම පනත් කෙටුම්පත 2022 අංක 21 දරන විසර්ජන (සංශෝධන) පනත වශයෙන් අද සිට බලාත්මක වේ.

2021 අංක 30 දරන විසර්ජන පනත සංශෝධන කිරීම සඳහා වූ විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත  පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේිදී  වැඩි ඡන්ද 115කින් සම්මත විය.