(අනීෂා මානගේ)
‘‘කැබිනට් මණ්ඩලය තීන්දුවක් ගත්තා එප්පාවල පොහොර නිධිය ආරම්භ කරන්න. එතකොට අපිට ටීඑස්පී එහෙම ගේන්න ඕනෑ නැහැ. අවුරුද්දක් ඇතුළත මේ කර්මාන්තශාලාව ආරම්භ කරන්න පුළුවන්‘‘ යැයි මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පැවසීය.
අමාත්‍යවරයා මෙසේ පැවසූයේ අද (7) තංගල්ලේදී පැවැති පොදුජන පෙරමුණෙහි ප්‍රාදේශීය නියෝජිතයන් දැනුම්වත් කිරීමේ හමුවකදීය.
වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේද කීවේය.
‘‘අපේ රටේ පොහොර නිෂ්පාදනය කරන්නෙ නැහැ. පොහොර රටවල් කිහිපයකින් ආනයනය කරනවා. විශාල විදේශ විනිමයක් වැය කරනවා. එක පැත්තකින් මෙහේ ඉන්න විද්වතුන් කෑ ගහනවා වස විසෙන් තොර ආහාර දෙන්න කියලා.
මෙවර අපි භාරගන්නකොට පසුගිය ආණ්ඩුව පොහොර ඇණවුම් කරල තිබිලා නැහැ. ආවට පස්සෙ තමයි රටට අවශ්‍ය ප්‍රමාණය ඇණවුම් කර තිබෙන්නේ. යම් යම් ප්‍රමාදයන් ඇතිව තිබෙනවා. නමුත් ඔය කියන තරම් හිඟයක් නැහැ. පොහොර නිකුත් කරන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශයන්ට අනුවයි. ඒ අනුවයි ආනයනය කරන්නේ.
නැත්නම් විගණනයෙන් අහනවා මෙච්චර නිර්දේශයක් තිබෙනවා, මෙච්චර අක්කර ගාණක් තිබෙන්නේ, ඇයි මෙච්චර ගෙනාවේ කියලා. ඒවාටත් උත්තර දෙන්න ඕනෑ.
වී ගොවිතැනට විතරයි ආණ්ඩුව පොහොර ගේන්නේ. අනෙක් බෝගවලට පෞද්ගලික අංශයයි. ඒකත් පසුගිය ආණ්ඩුව ආයතන හයකට පමණක් ලබා දී තිබෙනවා. අපි එය විවෘත කළා. ඕනෑම කෙනෙකුට පොහොර ගෙන්වීමේ අවස්ථාව ලබා දී අඩු මිලට අපිට ගන්න.
අපිට තිබෙනවා හොඳ පොහොර නිධි. එප්පාවල පොහොර නිධිය කවුරුවත් අතගහලා නැහැ. කැබිනට් මණ්ඩලය තීන්දුවක් ගත්තා එප්පාවල පොහොර නිධිය ආරම්භ කරන්න. එතකොට අපිට ටීඑස්පී එහෙම ගේන්න ඕනෑ නැහැ. ලෝකයේ තිබෙන ඉතාම බාල පොහොර වර්ගයක් තමයි අපිට ගේන්නේ. බාල ඒවා ගේන්නේ ලාබ නිසා කියලා නිලධාරින් කියනවා. ලාබ දේ දෙනවද. හොඳ දේ දෙනවද. අවුරුද්දක් ඇතුළත මේ කර්මාන්තශාලාව ආරම්භ කරන්න පුළුවන්. ණය වෙන්න අවශ්‍යතාවක් නැහැ. මගේ අමාත්‍යංශයේ යම් යම් අරමුදල් තිබෙනවා.
එම අරමුදල්වලින්ම බිලියන හතක් අටක් සොයාගන්න පුළුවන්. ඒ අරමුදල් පසුගිය ආණ්ඩුව දැකල නැහැ. දැක්කා නම් ඒකටත් විද්දා. අපිට රට ගැන, අනාගත පරම්පරාව ගැන හැඟීමක් තියෙන්න ඕනෑ. ඒක තමයි දේශපාලනඥයකුගෙන් ඉටුවිය යුතු දෙය.‘‘ යැයි පැවසීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් තියෙන්නේ රජය විසිර වූ අවස්ථාවක්. ජනපතිතුමාට පමණයි බලය තියෙන්නේ අභිනව පාර්ලිමේන්තුව පත්වෙනකල් මට හිතෙන හැටියට. ඒත්, රටේ වසංගතයක් පවතින වෙලාවේ එතුමා ගත් යම් තීන්දුවලින් රෝගය පාලනයකට ගැනීමට හැකිවුණා. ඒ ගැන අප සඳහන් නොකලොත්, ගුණමකු කමක්. මන්දයත්, අප රජයේ වැරැද්ද විවේචනය කරනා නිසායි. ඒ කෙසේ වෙතත්, කොරෝනා හැරෙන්නට මැතිවරණය දිනීමකින් තොරව ජනපති පත්කළ තාවකාලික කට්ටියකට මෙසේ ක්‍රියා කළ හැකිද? අනේ මන්දා..?
රටක සංවර්ධන කටයුතු පත්තරේට ඇවිත් කියලා ලකුණුදාගෙන ඡන්ද ගන්න එකම ප්‍රෝඩාව මේ දුප්පත් රටේ ලොක්කන්ගේ නාඩගමක් වෙලා. ඇත්තම කියනවා නම් මේ වැඩ කියකියා කරන්න දේවල් නෙමෙයි. කරන එකයි ඇත්තේ. අවුරුදු හැත්ත ගාණක් නිදහස ලබලා රට කාලකන්නි කරනවා මිසක් කොරෝනා කෙරුවාවක් තාමත් අපට නම් පෙනෙන්නෙත් නැහැ.. ඇඟට දැනෙන්නේ නැහැ.
පොහොර හිඟය ගැන පරක්කුවෙලා හරි ඔබතුමාගේ අවධානය යොමුවීම ගැන සතුටුයි….. ළඟ ළඟ මහ මැතිවරණයත් එනවා…...අර දශලක්ෂයේ ගෙවතු වගා සමාරම්භක සංදර්ශනයෙන් පස්සේ ඔබතුමාව දැක ගැනීමත් අපූරුවක් අපිට. කොහොමද, පටන් ගත්ත වැඩේ සාර්ථකද…?
ඔය නිධිය 2015 න් පස්සෙ පහල වුණු එකක් වෙන්න ඕනෑ මං හිතන්නේ... ඊ්ට කලින් තිබ්බා නම් මෙතුමලා අවුරුදු 10ක් ආණ්ඩු කරපු කාලෙ ඔය කම්හල හදලනේ...
කරන්න ඕනෑ වැඩක්... මේක කලොත් 2025 හේත් ගෝඨා තමයි එන්නේ.. එ්ක සක්කරයාගේ පුතා වයිමටවත් නවත්තන්න බෑ බෑ බෑමයි...
ගෝඨාභය සර් සහ මෙයාලා අතර වෙනස හොඳට පේනවා... මෙයාලා කියනවා වැඩ නෑ. මොනදේට වුණත් තව ණය නම් ගන්න එපා. ගත්තුවත් ගෙවාගන්න අමාරු වෙලාවක ඉන්නේ අපි...
විසිල් නම් ඕනෑතරම් අහලා තියනවා. දැන් බල්ටි තමයි ඕන....
අදහස නම් ඉතාමත්ම හොඳයි. කව්රු බලයට ආවත් අපට අදාල නැත. අප රටේ තිබෙන සම්පත් එක එකට බදුදීලා හිඟාකනවාට වඩා එම සම්පත්වලින් ඵල ප්‍රයෝජන පුරවැසියන්ට ලබාදීමට කටයුතු කිරීම රටේ පාලනාධිකාරිය කළ යුතුම දෙයක්... කොළ අයියලාද, නිල් අයියලාද රතු චූටි මලයලද " කලේ හෝ කරන්නේ " යන්න වැදගත් නොවේ. දැන්වත් අප කුඹුර බද්දට දී ඇස්සට දත නියවන පුරුද්ද අත්හැරීමට පුළුවන් නම් එමගින් යම්කිසි රටේ දියුණුවක් කළ හැකියි යන්න අපගේ හැඟීමයි...
අපි නොදන්නවා නෙවෙයි සහෝදර සමාගමේ උන්දැලාගේ වැඩ... ආසියාවේ ආශ්චර්යය පෙන්නපු අයනේ.
වහල් ආණ්ඩුව ගෙනාපු පීපීපී ක්‍රමය පෝෂණය කරන්න යන්න එපා. රජය යටතේ පමණක් ඔය ව්‍යාපෘතිය කරන්න. දැන්ම බැරි නම් එහෙම පුළුවන් වෙනකම් ඉන්න. මිනිස්සු ඕවා හදිස්සි කලේ නැහැ. අවුරුදු 5ක් තිස්සේ ජනතාව කිව්වේ වහල් ආණ්ඩුව කරපු පාවා දීම් කරන්න එපා කියල. රටේ අනාගතය ගැන හිතලා මෙවන් මහා පරිමාණ දේශීය සම්පත් පෞද්ගලික අංශයට හෝ විදේශිකයන් අතට නොදී, 100% ක්ම රජය යටතේ කරන්න කියලයි ජනතාව කිව්වේ. මාස 6යි ගියේ. ඔක්කොම අමතක කරලා, වහල් ආණ්ඩුව නවත්තපු තැන ඉඳන් පටන් අරගන්න හදන්නේ...
ශ්‍රී ලංකාවේ ඊගාව අගමැති කමට එකම සුදුස්සා ඔබයි ............
ඔබතුමා රටේ නායකයෙක් අනිවා
ඔබයි අපේ රටේ අගමැති
කන්නේ බත් විතරක් නොවෙයි. වීවලට වගේම එළවලු, පොල්, වගේ දේවලුත් අපනයනයට රබර් තේ වගේ දේටත් පොහොර ඕනේ. මම පොල් පොහොර ගන්න දැන් මාස දෙකකට වැඩ කාලයක් හොයනවා. උත්තරේ ආවේ නැහැ කියන එක විතරයි. හැමදාම බොරුවෙන් රට ගෙනියන්න බැහැ. බොරු නොකිය පොහොර ගෙනත් දෙන්න.
ඔව් ඉතින් තව නොබෝදිනකින් ඡන්දෙත් එනවනේ නේද?
අපි මැරිලා ඉපදුනේ නම් නෑ. යුද්දෙ ඉවර කරලා ඒක විකුණාගෙන කාපු එක ඇරෙන්න නම් වෙන කරපු දෙයක් නෑ. සින්නක්කර ඔප්පු වලට චීනෙට රට විකුණන කාලේ එප්පාවල ගැන බලන්න තිබ්බනේ ඇමතිතුමෝ.. දයා සඳගිරිව සභාපති කරලා මොකක්ද නාඩගමකුත් නැටුවනේ ඒ කාලෙත්.. ඉතින් දැන් ආයේ ඡන්දෙ මතක් වුණාම එප්පාවල පෝරයි, කන්තලේ සීනියි, මන්නාරමේ තෙලුයි විකුණාගෙන කන්න එපා. වහලුන්ට ඇරෙන්න මේ සුරංගනා කතා මහ පොලොවෙ ජීවත් වෙන මිනිස්සුන්ට අප්පිරියයි. උන්නු අය එන්න ඉන්න අය ඔක්කොම එකයි.
මේවා අයියා මලෝ ඡන්ද ගුණ්ඩු!! ඒ වගේම කලින් තිබුන ආණ්ඩුවෙනුත් කලේ මේ වගේ බොරු කියන එක.
ඔය විදිහට බැලුවොත් නිල්, කොළ, කුරහන් සාටක, රතු එකී මෙකි හැම දේශපාලුවම ඡන්දෙ එන කාලෙට දුන්නු ඡන්ද පොරොන්දු බැලුවොත් මේ රට සිංගප්පුරුව වගේ දහස් ගුණයක් දියුණු වෙලා. කරුමෙටම වගේ මේ කපටි දේශපාලුවන්ගේ බොරු වලට රැවටෙන මිනිස්සු තවමත් ඉන්නවා.
හැමදාම ඡන්දෙට කලින් පොහොර නිධි, තෙල් නිධි වැනි දේවල් මතුවෙනවා.. ඡන්දෙන් පස්සේ ඒවා නැවත පොළව තුළට ගිලා බසිනවා.