(විමුක්ති එස් රුද්‍රිගු)
මෙරට ප්‍රමුඛතම ව්‍යපාරික සඟරාවක් වන "එල්.එම්.ඩී" සඟරාව 2024 වසර සඳහා " වසරේ ශ්‍රී ලාංකිකයා" ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා නම්කර ඇත.
මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා වසරේ ශ්‍රී ලාංකිකයා ලෙස නම් කරමින් "එල්.එම්.ඩී" සඟරාව ප්‍රකාශ කර සිටියේ මෙරට දැඩි ලෙස කඩා වැටුණු ආර්ථිකය ගොඩ නැගීම ආරම්භ වීම මහ බැංකු අධිපතිවරයාගේ නායකත්වයෙන් සිදුවූ බවයි.
ශ්‍රී ලංකාව ඉදිරියේ ඇති අභියෝග පිළිබඳව ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා යථාර්තවාදී වූ බවත් මෙරට ඇතිවූ ආර්ථික අර්බුදය ක්ෂණිකව විසඳිය නොහැකි යැයි ඔහු පිළිගත් බවත් "එල්.එම්.ඩී" සඟරාව පැවැසුවේය.
වීරසිංහ මහතා මෙරට ආර්ථික අර්බුදයේ සැබෑ ස්වරූපය ජනතාවට පහදා දුන් බවත් දුෂ්කරතා එම වසරේ දෙසැම්බර් මාසය තෙක් පවතිනු ඇතැයි ඔහු අවංකව අනාවැකි පළකළ බවත් "එල්.එම්.ඩී" සඟරාව ප්‍රකාශ කළේය. වීරසිංහ මහතා 2022 වසරේ අප්‍රේල් මස මහ බැංකු අධිපති ධුරයට පත්වන අවස්ථාවේ මෙරට උද්ධමනය සියයට 29.8 ක් වූ බවත් පසුව නොවැම්බර් මාසයේදී උද්ධමනය සියයට 61 දක්වා ඉහළ ගිය බවත් "එල්.එම්.ඩී" සඟරාව පැවැසුවේය. අනතුරුව 2023 වසරේදී නැවතත් පැසැසුමට ලක්කළ යුතු ආකාරයෙන් ක්‍රමිකව මෙරට උද්ධමනය තනි ඉලක්කමක් කරා පැමිණි බවද "එල්.එම්.ඩී" සඟරාව ප්‍රකාශ කළේය. ආචාර්ය වීරසිංහ මහතා ගත් දැඩි ප්‍රතිපත්තිමය තීරණ හේතුවෙන් මෙලෙස උද්ධමනය පහළ ගිය බවද "එල්.එම්.ඩී" සඟරාව පෙන්වා දුන්නේය.
"එල්.එම්.ඩී" සඟරාව 1995 වසරේ සිට "වසරේ ශ්‍රී ලාංකිකයා" සම්මානය ලබාදෙන අතර එය මේ වනවිට වසරේ විශිෂ්ඨතම සම්මාන අතරින් එකක් බවට පත්ව ඇත. මෙවර 30 වැනි වතාවට "වසරේ ශ්‍රී ලාංකිකයා" සම්මානය "එල්.එම්.ඩී" සඟරාව ලබා දුන්නේය.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර අංශයේ විශේෂ නියෝජිතයෝ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අද හමු වූහ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක අශෝක ආරියවංශ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි කන්කසන්තුරය පොලි
හිටපු ජනාධිපතිවරුන්ට මෙතෙක් ලබා දී තිබූ දුරකතන හතරෙන් තුනක්ම ඉවත් කර ඇත. මේ අනුව හිටපු ජනාධිපතිවරයකුට දැනට හිමිවන්නේ එක් දුරකථනයක් පමණි.
පෙට්‍රල් සහ ඩීසල් ඇතුළු සියලුම ඉන්ධන වර්ගවල මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළේය.
පාලන මිලට වඩා වැඩි මිලකට වතුර බෝතලයක් විකිණීමේ චෝදනාවට වරදකරු කළ පුද්ගලයකුට රුපියල් ලක්ෂයක දඩයක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි පතිරාජ ම
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
’’ වසරේ ශ්‍රී ලාංකිකයා’’ නන්දලාල්
පිටරටවැසියා Thursday, 02 January 2025 09:20 PM
එතකොට අර පළපුරුදු කාටවත්, මොකවත් නැතෙයි ?
truthThursday, 02 January 2025 11:16 PM
ඒ පලපුරුද්දෙන් තමයි, මේ පුටුවට සුදුස්සා මෙයා තම්‍යි කියලා සොයාගත්තේ...
පළපුරුදුFriday, 03 January 2025 10:03 AM
පළපුරුදු අයට මොකුත් දෙන්න විදිහක් නැත්තෙ L බෝඩ් කට්ටිය බලය ගත්තුගමං මෙතුමාව අයින්කරනව කිව්ව නිසා පිටරට කයිය තුමෝ.
Rohana Thursday, 02 January 2025 09:32 PM
ආණ්ඩුවේ පදේට නටන්න ගිහින් කබ්රාල් වගේම ලක්ෂ්මන් මහබැංකුවේ වැඩ අවුල් කිරීමෙන් රට ආර්ථික වශයෙන් පිරිහුණා. ඒ තත්වය දැන් තරමක් යහපත්වී පවතින්නේ වත්මත් අධිපතිතුමා විසින් ගනු ලැබූ ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග නිසයි...
Nisha Thursday, 02 January 2025 09:36 PM
අනුර කුමාර , හදුන්නෙත්ති එහෙම ආර්ථිකය විනාශ කරනවා කියලා දොස් කිව්වේ මෙයාට නේද..?
Bandula Thursday, 02 January 2025 11:43 PM
ඇයි එයාගේ මැජික් මෑන්
ලුම්බිණි Friday, 03 January 2025 06:07 AM
මොනවා කලාටද ?
Kazi Shajahan Friday, 03 January 2025 10:18 AM
කඩා වැටුන ආර්ථිකය ආපසු ගොඩගියේ අපේ රටේ ඉන්න අහිංසක මිනිස්සුන් නිසයි. ඩීසල්, පෙට්‍රල් රු. 157 තිබ්බ එක 380ට ගත්ත, හාල් රු. 150ට තිබ්බ එක 220ට ගත්ත, ගෑස් රු. 1500 තිබ්බ එක 4500ට ගත්ත. විදුලි, වතුර බිල්පත් 100% වැඩිවුනා. අහිංසක මිනිස්සු මරාගෙන කෑව විතරයි උනේ. නැත්නම් නන්දලාල් ලා කරපුදෙයක් නෑ.
අරවින්ද මොනරවිල Friday, 03 January 2025 10:39 AM
රට බංකොලොත් කියලා ප්‍රකාශ කෙරුව එකම ඇති මගේ හිතේ වසරේ නොවෙයි සියවසේම සිරි ලාංකිකයා වෙන්න.
පිටරටවැසියා Friday, 03 January 2025 03:20 PM
එතකොට මෙතුමාට කලින් හිටපු කෙනාව, මුදල් නියෝජ්‍ය ඇමැති කරලා, දෙන්න ඕන උපරිම වරප්‍රසාද දීලා, නැවතත් මහබැංකුවේ අධිපති කරනකොට ඔය පළපුරුද්ද කොහේද තිබුණේ? හරි නම් ඒ කරපු දේවල්වලට තමයි, සම්මාන දෙන්න ඕනෑ.
ගුණරත්න Friday, 03 January 2025 03:29 PM
මට මතකයි ඉස්සර සහෝදරයෙක් කිව්වා ආර්තික ඝාතකයෙක් කියලා. කවුද කියලා නිච්චි නැහැනේ...
ranjith Friday, 03 January 2025 08:43 PM
රට බංකොළොත් කමෙන් ගොඩ ගැනීමට අලුතින් අයිතිකාරයෝ එනවා. බංකොළොත් බවින් මිදුණේ දැනට මාස 2-3කට වැඩවලින් නොවේ.
Sajive Saturday, 04 January 2025 11:56 AM
පචයෝ තව පච වෙනවා මේ සම්මානය නිසා මෙතුමාට ලැබුණා.. මෙතුමා සහ එවක දේශපාලන අධිකාරියට විශේෂ ස්තුතිය ලබා දිය යුතුයි.