(රංජන් කස්තුරි)
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ - 2013 විභාගයට කොළඹ විශාකා විදුහලෙන් ඉදිරිපත් වූ ශිෂ්‍යාවකගේ ඉංග්‍රීසි උත්තරපත්‍රය ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් මත නැවත ස්වාධීන කමිටුවක් මගින් ඇගයීමට ලක් කරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා කීය.
තමාට ඉංග්‍රීසි විෂයට "බී" සාමාර්ථයක් ලැබී ඇතැත් එය පිළිගත නොහැකි බවට එම සිසුවිය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොණුකර තිබූ අතර එහි තීන්දු ප්‍රකාශ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විභාග දෙපාර්තමේන්තුවට නියෝගකර ඇත්තේ එම ඉංග්‍රීසි උත්තරපත්‍රය නැවත අගයන ලෙසය.
ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට ගරුකරමින් ස්වාධීන කමිටුවක් පත්කර ඉංග්‍රීසි පිළිතුරු පත්‍රය නැවත අගය ලකුණු (සාමාර්ථ) නිකුත් කරන බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය වගේ අර පාර්ලිමේන්තුවේ ඉන්න අය ලියපු ප්‍රශ්න පත්‍රත් අයෙත් බලල සහනයක් දෙන්න බැරිද? මගේ හිතේ සියයට පනහක්වත් සාමාන්‍ය පෙළ ලියල ඇති.
තව කී දෙනෙකුගේ ප්‍රතිඵල වෙනස් කරල ඇතිද. හරිනම් මේවට වග කියන්න ඔන අය හොයල ඒ අයට දඬුවම් කරන්න ඕනේ. දරුවන්ගේ අනාගතේ විනාස කරන අයට හොඳක් සිද් වෙන්න එපා.
රජයේ සේවකයෙක් කරන එක සුළු වැරද්දක් හදා ගන්න අදාළ මිනිස්සු කොපමණ රස්තියාදු වෙන්න ඕනෙද? කාලය කොපමණ නාස්ති කරන්න ඕනෙද?, කොපමණ වියදම් කොරන්න ඕනෙද?
ලංකාවේ විශ්ව විද්‍යාලවලද මේ වගේ දූෂණ වෙනවා. ආචාර්යවරු ළමයි අසමත් කරනවා. තමන්ගේ අවශ්‍යතාව ඉටු නොවුනොත් අසමත්. තමන් කියවපු නෝට් එකෙන් පිට දැනුම දාලා තිබුනොත් ලකුණු නෑ. විශේෂයෙන් ශාස්ත්‍ර පීඨ වල තමා මේ ප්‍රශ්නය තියෙන්නේ. විභාග වංචා කරපු අය ළමයින්ගේ විභාග වංචා සොයන කමිටු වල සිටිනවා. බොහෝ විට ප්‍රථම වසර සිසුන් විභාග වංචාවලට හසුවෙනවා. ඒ නවක වදය නිසා. ජේෂ්ඨයන් ගේ වැරදි උපදෙස්...
මහින්ද හා නාමල් රාජපක්ෂ නිති විභාගය සමත් වුණේ කොහොමද?
ඒක හොඳ ආරම්භයක්... දැන් හැම කෙනෙකුටම එලෙස කළ හැකියි.