IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


වසර පහක් ඇතුළත රේගු බදු, රේගු නොවන බදු ඉවතට

 

(අංජුල මහික වීරරත්න)

 කර්මාන්ත හා නිෂ්පාදන තරගකාරීත්වයට මුහුණ දීම සඳහා වෙළෙඳ ගැළපුම් වැඩසටහනක් සමඟින් වසර පහක් ඇතුළත  ‌රේගු බදු සහ රේගු නොවන බදු ඉවත් කිරීමට රජය අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

 රජය මෙම පියවර  සම්බන්ධයෙන් ලෝක බැංකුව සහ ආසියා සංවර්ධන බැංකුව සමඟ සාකච්ඡා ආරම්භ කර ඇති බවද  ජනාධිපතිවරයා කීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කොළඹ විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථියින් විසින් පසුගිය 18 දා කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී සංවිධානය කර තිබූ 2023 අය වැය පසු විපරම් සමුළුව අමතමිනි.

“බාධක අභිබවා ඉලක්ක වෙත ළගා වීම" තේමාව යටතේ මෙය සංවිධානය කර තිබිණි. ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීමේ දී රජයට පමණක් නොව, පෞද්ගලික අංශයට ද විශාල කාර්ය භාරයක් පැවරී ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රජයේ අරමුණ ව්‍යාපාර කිරීම නොව සෞඛ්‍ය, අධ්‍යාපන, සුබසාධන වැනි ජනතා අවශ්‍යතා සපුරාලීම බව ද අවධාරණය කළේය.



අදහස් (10)

වසර පහක් ඇතුළත රේගු බදු, රේගු නොවන බදු ඉවතට

sharm warn Monday, 21 November 2022 12:55 PM

ඔව් ඔව් .යාලු බිස්නස් කාරයන්ගේ මනදොල සපුරලා .සීනි බදු වංචාවේ දෙවැනි කොටසත් කරන්න යන්නේ .අන්තිමේ අපි බදු ගෙවන්න ඕන උන්ගෙන් නොලැබෙන කොටසත් එක්ක .දැන් ගොඩක් සතුටුයි

:       8       8

පැරකුම් Monday, 21 November 2022 01:55 PM

නිකං සුරංගනා කතා නොකියා කරන්න පුලුවන් දෙයක් කියන්නකො.

:       11       15

Ruwan R Monday, 21 November 2022 02:52 PM

එතකොට රට ගොඩගන්න හොරා කාපුවා හොයන්න ඔිනෙම නැද්ද ?

:       4       9

Ruwan R Monday, 21 November 2022 02:56 PM

ඉලක්කය ගොඩක් දුරයි නම් ඒක ටොම් පචයක්..

:       5       9

oshara Monday, 21 November 2022 03:03 PM

අනේ මන්දා, ඉස්සෙල්ලාම ඔයා තව අවුරුදු පහක් ජීවත් වෙන්න උත්සහ කරන්නකො, අහිංසක මිනිස්සුන්ගෙ දුක්, සාප, අඳෝනා මැද්දෙ ඔයා, නාකි මයිනා තව වැඩි දවසක් ජීවත් උනොත් - සොභා දහමත් බොරු

:       7       8

Jagath Monday, 21 November 2022 03:22 PM

ගේම් එකක් වගේ තමයි පේන්නේ...රටට ආදරයෙන් රට දියුණු කරන්න උත්සාහ කරන මිනිහෙක් නෙවෙයි මේ යකා.

:       5       10

Muditha Monday, 21 November 2022 03:24 PM

රජයේ අරමුණ ව්‍යාපාර කිරීම නොව සෞඛ්‍ය, අධ්‍යාපන, සුබසාධන වැනි ජනතා අවශ්‍යතා සපුරාලීම.. ඔවු මෙය නිවැරදි නැඹුරුවක් , යොමුවීමක්

:       8       6

sharm warnMonday, 21 November 2022 04:00 PM

ඔව් ඔව්.. අර සීනි බදු අඩු කරනකොටත් ඔය කතව තමයි කිව්වෙ.. අන්තිමට හොර ව්යාපාරිකයො මඩිය තර කර ගත්ත. . අපි බඩු ගෙව්ව.. ආන්ඩුවට හුලන්. .

:       3       4

MudithaMonday, 21 November 2022 06:52 PM

හිතවත් ෂර්ම්, මේ ප්‍රතිපත්ති දෙකකි. සීනි බදු අඩු කිරීම සහ මෙම සංකල්පය එකම මූලධර්මවල නොමැත.

:       0       1

විජිත් Monday, 21 November 2022 07:04 PM

රේගු බදු නැතිවුනා කියලා එකෙන් ජනතාවට සෙතක් සැලසෙන්නේ නැහැ. ඒ වාසිය කෙලින්ම ගන්නේ ආනයනය කරන්නා සහ වෙළෙන්දා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 115 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 949 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site