
(යොහාන් භාසුර)
මෙම වසරේ ඉහළම උද්ධමනය (භාණ්ඩ මිල ඉහළ යෑම) පසුගිය ඔක්තෝබර් මස වාර්තා වූ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
ඔක්තෝබර් මාසයේ කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව උද්ධමනය සියයට 7.6 ක් වූ අතර එය සැප්තැම්බර් මාසයේ සියයට 5.7 ක් ලෙස පැවතුණි.
මෙය සැප්තැම්බර් මාසයට සාපේක්ෂව සියයට 1.9 ක ඉහළ යෑමක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
ආහාර සහ ආහාර නොවන යන භාණ්ඩ කාණ්ඩ දෙකේම මිල ඉහළ යෑම මෙම තත්ත්වයට හේතු වී තිබේ.
සහල්, කිරිපිටි සහ ගෑස් යන ප්‍රධාන අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ යෑමෙන් සෙසු උප අයිතමවල මිල ද ඉහළ යෑම මෙම තත්වයට හේතු වී ඇති බව මහ බැංකුව වැඩි දුරටත් කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෙරලුනු පැත්ත හොඳයි කියන විධියටම ඔය වැඩිවීම ගැනත් සුභවාදී අර්ථ කථන සඳහා අපිට කථිකයෝ ඉන්නවා