(විනීතා එම් ගමගේ)
මේ වසරේ දැකිය හැකි එකම සූර්යග්‍රහණය මේ මස 21 වැනිදා ලොවට දිස්වන බව කොළඹ විශ්ව විද්‍යාලයේ තාරකා විද්‍යා සහ අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි.
එය වළයාකාර සූර්යග්‍රහණයක් වන අතර ශ්‍රී ලංකාවට පෙනෙනු ඇත්තේ අර්ධ සූර්යග්‍රහණයක් ලෙසින් යැයි ද ජයරත්න මහතා කියයි.
කොළඹ නගරයට පෙරවරු 10.29 පමණ සිට පස්වරු 1.19 පමණ වනතෙක් පැය දෙකකුත් විනාඩි පනහකට ආසන්න කාලයක් තුළ මෙම අර්ධ සූර්යග්‍රහණය දිස්වන බවත් එහි උපරිම අවස්ථාව පෙරවරු 11.51 ට උදාවන බවත් එහි දී සූර්ය තැටියෙන් 30% ක් පමණ ආවරණය වනු ඇති බවත් ජයරත්න මහතා කියා සිටියේය.
සූර්යග්රණය නැරඹීම සදහා සූර්යයා දෙන නිසි ආරක්ෂීත ක්‍රම භාවිතා නොකර පියෙවි ඇසින් බැලීමෙන් පූර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන් අන්ධභාවයට හා වෙන්ත ස්ථිර අක්ෂි හානිවලට හේතු විය හැකි බව පෙන්වා දුන් මහාචාර්යවරයා සූර්යග්‍රහණයක් ඇතත් නැතත් සූර්යයා දෙස බැලීම හානි විය හැකි බව ද පෙන්වා දුන්නේය.
මීට පෙර සූර්යග්‍රහණයක් දැකිය හැකි වූ ඉකුත් වසරේ දෙසැම්බර් 26 වැනිදා සිදුවූ වළයාකාර සූර්යග්‍රහණයට මෙවර සිදුවන සූර්යග්‍රහණය සමාන වනු ඇතැයි හෙතෙම පෙන්වා දෙයි.
මෙම සූර්යග්‍රහණයෙන් පසු යළිත් ශ්‍රී ලංකාවට සූර්යග්‍රහණයක් දැකිය හැකි වන්නේ 2022 ඔක්තෝබර් 22 වැනිදාය.
සූර්යග්‍රහණය නැරඹීම සදහා කොළඹ විශ්ව විද්‍යාලයේ තාරකා විද්‍යා සංගමය මගින් සහ ෆොස් මීඩියා ඒකකය හරහා කොළඹ සහ යාපනය සිට ගනු ලබන දර්ශන astrdsoc.cmb.ac.lk හෝ http://fÈ.cmb.ac.lk වෙත 2020 ජුනි 21 වැනිදා පෙරවරු 10.20 සිට පස්වරු 1.30 දක්වා කාලය තුළ පිවිසීමෙන් නැරඹිමේ අවස්ථාව ලැබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සඳට සාපේක්ෂව බලනාවීට ඉර ගැන ලියවුන ගීත අඩු බවයි මගේ අදහස. ' ඉර පායා .. ඉර පායා' .. (සමිතා මුදු.) , "ඉර .. සඳ .. වැඳලා .. නෙත් දෙක ඇරලා .. අත ඔබේ නළලේ තියා .. හදවත සපුරා .. පිළිගමි ඉඳුරා මම ආදරෙයි කියා .. " " ඉරට මුවාවෙන් ඉඳගෙන හිස පීරනවා " (අමරදේව), හිරුගේ ලොවේදී අපි වෙන්වෙමු (ක්ලැරන්ස්), වැනි අපගේ දිව අග ඇති, අප හදවත් වලට හර්දයාංගමයෙන් අමතන ගීත නිසා අපගේ දුක්ඛ දෝමනස්ස මදකට හෝ අමතක වීමම හදවත් වලට ගෙන දෙන්නේ පුදුම අාෂ්වාදයක්, අස්වැසිල්ලක් නේද .....
සමිත මයා, මට මෙහෙම හිතෙනවා. ඉරයි, හඳයි කවදාවත් එකට පායන්නේ නැහැ.. සඳේ සිසිලස ඉරට දැනෙන්නේ නැහැ..
පූජා,මට ඒක සිතෙන්නේ වෙනත් විදිහකට. ඉර ටිකක් සැරයි. ඒක සඳේ ආරක්ෂාවට හොඳයි. එතකොට සඳට හිරිහැර කරන්න කව්රුවත් එන්නේ නැහැ .. සඳේ සිසිලස ඉරට ලොකු සතුටක් .. ඒත් ඒක සඳ දන්නේ නැතුව ඇති .. ඉරත් ඒක සඳටම වැටහෙන තෙක් ඉවසනවා වෙන්න ඇති... සඳට තියෙන ගෞරවාන්විත ආදරය නිසා සඳ සනසවන්න ඉර මේ ලෝකයේ අන්ධකාරය නැතිකොට එළිය දෙන්නට වෙර දරනවා වෙන්න ඇති... ගහකොළ වල ප්‍රභාසංස්ලේෂණය ඇතිකොට ඒවා ඵල දරනවා ඇති. මේ ආදී සියලු දේ දුන්නත්, සඳ දුර නිසා අර තරම් බලවත් හිරු සිතින් අනේක වාරයක් දුක් වෙනවා ඇති.. දුක වැඩි වුණාම ගීතයක් ලියවෙනවා ඇති.. සෙමින් ගීයක් මුමුණනවා ඇති.. සැරපරුෂ වගේ බාහිරින් පෙනුණාට හිරුත් කොතරම් අහිංසක ඇද්ද..? ඔයාට ඉර ගැන පව් කියලා හිතෙන්නේ නැද්ද..? කොපමණ දුර හිටියත්, ලබාගන්න බැරිවුනත්, සඳට ආදරය කිරීම තහනම් කරන්න කාටවත් බැරි බව ඉර දන්නවා ඇති...