(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
මේ වසර අවසන් වන විට විදෙස් සංචිත ඩොලර් බිලියන 7.3ක් දක්වා වැඩිකර ගැනීමට අපේක්ෂා කරන බව කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී මනෝජ් රාජපක්ෂ මහතා:- (ජා.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
"විනිවිදභාවයෙන් විධිමත්ව ලංකාවට වාහන ගෙන්වා ගැනීමට ඉඩ සැලසීම මේ සංශෝධන වලින් සිදු කෙරෙනවා.
අප වාහන ගෙන්වීම නතර කර තිබූ සමයේ ලෝකයේ වාහන තාක්ෂණය වෙනස් වී තිබුණා.ජපානයෙන් වාහන ගෙන්වීමේදී දී තිබුන පැරණි ක්‍රමවේද වෙනස් වීමේ අවශ්‍යතාවය තදින් දැනුනා.ලිපි ලේඛන හුවමාරු ක්‍රමය පවා ප්‍රශ්නකාරී වුණා. ඒ කටයුතු සිදු වුණේ ඉතා හෙමින්. ඒ වෙනස සිදු කිරීම සඳහා ආර්ථිකය ඩිජිටල්කරණය කර නව තාක්ෂණය හරහා නව හුවමාරු කරගන්න පියවරක් තබා තිබෙනවා.
ඉදිරියටත් අපේ ආණ්ඩුව වාහන ගෙන්වීම නතර කරන්නේ නෑ. ආර්ථිකය ප්‍රසාරණය වන තරමට සංචිත වැඩිවන තරමට වාහන ගෙන්වීම වැඩි කරන්නට අප රජය කටයුතු කරනවා යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
වසර අවසානේ සංචිත ඩොලර් බිලියන 7.3ක් කරනවා
Umara Thursday, 22 May 2025 04:21 PM
පරම සත්‍ය තමයි ඉතින්
යෝගා Thursday, 22 May 2025 05:52 PM
මෙලෝ හසරක් නොදන්නා පාපිසි ලව්වා බයිලා කියවනවා.
so sad Thursday, 22 May 2025 06:37 PM
අර සංගීත් උන්නැහේගේ යාළුවා තවම එවනවා කිව්ව ඩොලර් මිලියනය එව්වෙත් නෑ නේද? ඒකත් එක්ක වෙන්න ඇති ගණන් හදන්න ඇත්තේ.. කටින් බතල තමයි ඔක්කොම. මහදැනමුත්තාට නම් හරිගිය ගෝලයෝ ටික, පච කියන්න බයිලා ගහන්න එකෙක්ට එකෙක් දෙවැනි නැහැ.
ගුණරත්න Thursday, 22 May 2025 07:11 PM
මම කියන්නේ නම් බිලියන 7ක් කිටුවටවත් එන්නේ නැහැ කියල,