(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
රටේ ලිට්‍රෝ සහ ලාෆ්ස් ගෑස් සමාගම්වල සිලින්ඩරවලට අදාළව පිපිරීම් ඇතුළු සිද්ධීන් 233 ක් 2015 ජනවාරි 1 වැනිදා සිට මේදක්වා වාර්තාවී ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පාර්ලිමේන්තුවේදී අද (29) පැවැසීය.
ගෑස් පිපිරීම් වෙනදාට වඩා වැඩි බව පිළිගන්නා බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා ගෑස් සිලින්ඩරවල ප්‍රොපේන්, බියුටේන් සංයුතියේ වෙනස්කම් ඒවායේ පීඩනයට බලපාන බව විශ්වවිද්‍යාලය පවා ප්‍රකාශ කර ඇතැයිද සඳහන් කළේය.
ගෑස් සිලින්ඩර පිපිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට ප්‍රතීතන මණ්ඩලයේ සභාපතිවරයාගේ අධීක්ෂණය යටතේ රත්නපුර,කුරුණෑගල,ගම්පහ,ගාල්ල කළුතර සහ කොළඹ යන දිස්ත්‍රික්කවලින් ගෑස් නියැදි 12ක් ලබා ගෙන පරීක්ෂණ සඳහා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට යොමුකර ඇතැයිද එම වාර්තා මොරටුව විශ්ව විශ්වවිද්‍යාලයට යොමු කිරීමෙන් පසු ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව උපදෙස් ලබාදෙනු ඇතැයිද හෙතෙම සඳහන් කළේය.
අලගියවන්න මහතා මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී විශේෂ ප්‍රකාශයක් කරමිනි.
මේ සම්බන්ධයෙන් තවමත් අවසන් තීරණයක් ගත නොහැකි යැයිද ඔහු කීවේය.
ගෑස් සිලින්ඩරයේ ප්‍රමිතිය ගැන මුල සිට ප්‍රශ්න තිබූ බවත් එම ප්‍රමිතිය යාවත්කාලීන කරන ලෙස තමා ප්‍රමිති ආයතනයෙන් මෙයට පෙර ඉල්ලීමක් කළ බවත් අලගියවන්න මහතා කීවේය.
ඒ කටයුත්ත ප්‍රමිති ආයතනය ආරම්භ කිරීම ගැන තමා ස්තූතිවන්ත වන බවද හෙතෙම පැවැසීය.
ගෑස් පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමට මෙරට නිත්‍යානුකූල පර්යේෂණාගාරයක් නැති බව පැවසූ පාරිභෝගික කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ඇත්ත තත්වය මෙය බවද ප්‍රකාශ කළේය.
ගෑස් පිළිබඳව නිසි නියාමනයක් සිදුවී නැති බව නිහතමානීව පිළිගන්නේ යැයිදසියලු දෙනා එහි වගකීම බාර ගත යුතු යැයිද හෙතෙම පැවසුවේය.
මේ සම්බන්ධයෙන් ගත යුතු උපරිම ක්‍රියාමාර්ග ගන්නා බව පැවසූ අලගියවන්න මහතා ගැටලුව විසඳීමට උගතුන් බුද්ධිමතුන් ලබාදෙන උපදෙස් පිළිගැනීමට සූදානම් යැයිද ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කිව්වට කොයි උගතා / බුද්ධිමතා උපදෙස් දුන්නත් කොමිස් කාක්කන්ට ඒවා අදාළ නැහැ.. උදාහරණ ලෙස කාබනික පොහොර නැව...
මොන්ටිසෝරි ළමයෙක් ඇමැති වෙලා... මෙයාගේ අම්මා පව්...!
ආඳා කියන මාලුවා අනතුරකදී ලිස්සා යාමට සමතෙකි. මුන්දැ මොකෙක්ද?
නිකම්ම බබා නොවී ඇත්ත පිළිගෙන නිවැරදි කරන්න. පොහොට්ටුවට මොකුත් හරියට කරගන්න බෑ කියලා අද රටම නොවේ ලෝකයම දන්නවා...