(යොහාන් භාසුර)
මෙගාවොට් 2800 ක් පමණ පවතින සම්ප්‍රේෂණ සහ ජනන යටිතල පහසුකම් යටතේ පුනර්ජනනීය බලශක්තිය ලෙස 2026 වසර වන විට ජාතික ජනන පද්ධතියට එකතු කිරීමට බලාපොරොත්තු වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
විදුලිබල මණ්ඩලය සහ සුනිත්‍ය බලශක්ති අධිකාරිය සමග මාසිකව පවත්වන ප්‍රගති සමාලෝචන හමුවේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා එසේ පැවසීය.
වැඩ ආරම්භ කර ඇති විදුලි ව්‍යාපෘති කඩිනමින් අවසන් කිරීම, නව ව්‍යාපෘති වෙනුවෙන් යටිතල පහසුකම් දියුණු කිරීම සහ එළඹෙන දෙසැම්බර් මස වන විට සංචාරක කලාප සහ කර්මාන්ත කලාප ඉලක්ක කර අඛණ්ඩව විදුලිය සැපයීම් පිළිබඳව එහිදී සාකච්ඡා කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තියෙන එක කරගන්න බෑ. 2800 දෙන්න කයිවාරුව. දැන් ඡන්දෙන් ගෙදර ගියාම කියව කියවා යන්න පුළුවන්නේ... අපි ප්ලෑන් කරා මේ අය කෙරුවේ නෑ කියලා.. ඒකට තමයි මේ දත කන්නේ...
මේ වෙලාවේ කළහැකි හොඳම දෙය ජනතාවට වහල මත සවිකළ හැකි ඉන්වර්ටර් සහ බැටරි සහිත සූර්ය බල පද්ධති හඳුන්වාදී 50% පමණ සහනාධාර වශයෙන් ලබාදීම .මේ වැඩේ කොමිස් නොගහා හරියට කලොත් පරිසර හිතකාමී දෙයක් නිසා පිටරටවලින් ආධාර ලබාගන්න පුළුවන්.ලංකාවට වසරේ විශාල කාලයක් හිරු එලිය වැටෙන නිසාත් ජනතාව වැඩි ප්‍රමාණයක් තට්ටු නිවාස වල වාසය නොකරන නිසාත් කුඩා නිවාසවල වෙන් වෙන් වශයෙන් ජීවත් වන නිසා විශාල හිස් වහලවල් ප්‍රමාණයක් තිබෙනවා
වසර 50ක් පුරාම එක්කල මෙගාවොට් 2800. වසර 4කදී තව 2800 එක්කරන්නේ කොහොමද.?
කලකට පසු ප්‍රශ්නයකට උත්තර දෙන්න දන්න එකෙක් ඇමතිකමකට පත්වෙලා. ඒකත් ලොකු දෙයක්....
මේ තරුණ ඇමති තුමාගෙ පක්ෂය වත් මම දන්නෙ නෑ. ඔහුට යම් වැඩක් කළ හැකි වග ඔප්පු කරලා තියෙනවා සහ වැඩක් කරයි කියන විශ්වාසයක් තියෙනවා. කුණු දේශපාලනය විසින් ඔහු ඔතනින් ඉවත් කරලා වෙනත් අමාත්‍යාංශයකට දායිද.දන්නෙ නෑ.