(සුජිත් හේවාජුලිගේ)
ශ්‍රී ලංකන් එයාර්, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ජාතික ජල පවාහන මණ්ඩලය සහ සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව ඇතුළු රාජ්‍ය ආයතන 55 ක් ඉකුත් වසර 14ක කාලයේදී රුපියල් කෝටි එක්ලක්ෂ විසි දහසක පමණ පාඩුවක් ලබා ඇතැයි විගණන වාර්තාවල සඳහන් වේ.
ශ්‍රී ලංකන් එයාර් ආයතනයේ පමණක් වසරක පාඩුව කෝටි 7000ක් බව විගණන අංශ පවසයි.
මේ අතර ලබාගත් ඉන්ධන වෙනුවෙන් ශ්‍රී ලංකන් එයාර් සහ ලංකා විදුලිබල මණ්ඩලය ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ගෙවිය යුතු ණය ප්‍රමාණය රුපියල් කෝටි 1600කි.
ඉන් ලංකා විදුලිබල මණ්ඩලය ඛනිජ තෙල් සංස්ථාවට ගෙවිය යුතු ණය ප්‍රමාණය රුපියල් කෝටි 9600ක් වන අතර ශ්‍රී ලංකන් එයාර් ආයතනය සංස්ථාවට ගෙවිය යුතු ණය ප්‍රමාණය රුපියල් කෝටි 6500ක් බව සඳහන් වේ.
ඉන්ධන මිල ඉහළ යෑම නිසා ඛනිජ තෙල් සංස්ථාව පසුගිය ඔක්තෝබර් මාසයේදී පමණක් ලැබූ පාඩුව රුපියල් කෝටි 1000කට වැඩිය.
ඛනිජ තෙල් සංස්ථාව මහජන බැංකුවට සහ ලංකා බැංකුවට රුපියල් කෝටි 3600 ක පමණ මුදලක් ණයවී සිටින බව එම සංස්ථා ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ අතර සමුපකාර තොග වෙළඳ සංස්ථාව( ස.තො.ස) 2015-2019 අතර කාලයේදී පමණක් රුපියල් කෝටි 2000 පමණ පාඩුවක් ලබා ඇතැයි විගණන කාර්යාල නිලධාරියෙක් පැවැසීය.
2014 වර්ෂය තෙක් ලාභ ලැබූ ආයතනයක්වූ සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව යහ පාලන සමයේදී නිසා විශාල මුදලක් පාඩුවක් ලැබීම සම්බන්ධයෙන් වෝහාරික විගණනයක් පවත්වන බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව පසුගිය කාලයේ ආහාර ද්‍රව්‍ය ඇතුළු විවිධ සැපයුම් වෙනුවෙන් සැපයුම්කරුවන්ට ගෙවිය යුතුව ඇති හිඟ මුදල රුපියල් කෝටි 800කි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණාකර විදුලි බිල වැඩිකිරීමට කටයුතු කරන්න. වැඩි වියදමක් දරා ජනනය කර අඩුවට විකිණීමෙන් කිසිදිනෙක ලාබ ලැබීමට නොහැක...!
මේවා රටට අයකර දෙන ලෙස ඉල්ලා රටට විය යුතු යුතුකම් දන්නා උගත් නීතිඥ තුමන්ලා විරොධතාවක් තියන්නද යන්නේ..? ඔන්න එහෙනම් පළමු වතාවට උගතුන් තමාගේ පඩි වැඩිකිරීම වෙනුවට රටේ අවශ්‍යතා වෙනුවෙන් පෙනී හිටිනවාලු...
එතකොට පාඩු ලබන ආයතන වල සේවකයන්ට ප්‍රසාද දීමනා ලක්ෂ ගනන් පඩි ගෙවන්නේ කාගේ සල්ලිද? ඔය කියන ආයතන රටේ ඉහලම වැටුප් ලබන අය ඉන්න ස්ථාන. අනික වැඩ වර්ජන තර්ජනය වැඩිපුරම තිබෙන මහජනතාව පීඩාවට පත්වන කටයුතුවල යෙදෙන ඒවා. පුද්ගලික කරනයට ලක් විය යුතුයි
ඒයි හේමාලි,උඹට පිස්සුද බං.