
(යොහාන් භාසුර)
වැලිකඩ බන්ධනාගාරයේ රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ වාහාම නිදහස් කරන ලෙස සහ ඔහුව බූස්ස බන්ධනාගාරයට මාරු නොකරන ලෙසත් බල කරමින් ‘අරගලයේ’ ක්‍රියාකාරීන් පිරිසක් අද (21) බොරැල්ලේ පිහිටි බන්ධනාගාර මූලස්ථානය ඉදිරිපිට විරෝධතාවක් දැක්වූහ.
එම විරෝධතාවට එක්වූ ස්වාමීන්වහන්සේ ඇතුළු අරගයේ නියෝජිතයන් පිරිසක් බන්ධනාගාර කොමසාරිස්වරයෙක් හමුවී වසන්ත මුදලිගේ, බූස්ස බන්ධනාගාරයට මාරු නොකරන ලෙසත් ඔහුගේ ජීවිත ආරක්‍ෂාව සළසන ලෙසත් ඉල්ලා සිටි බවත් වාර්තා වේ.
(ඡායාරූප: ළහිරු හර්ෂණ)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනම් යාලට ගිහින් දාන්න...
වසන්ත මුදලිගේට රටේ නීතිය ක්‍රියාතමක කළ යුතුයි. ඔහුව බූස්සට යවන්න ඕනෑ.
පුනරුත්ථාපනයවත් කළ නොහැකි තරමටම අන්තවාදී දේශපාලන අදහස්වලින් ඔලු පුරවාගත් මානසික රෝගීන්... තමන්ටවත්, හැදූ වැඩූ දෙමාපියන්ටවත් රටටවත් වැඩක් නැති, ජන සමාජයටම පිළිලයක් වුණු මෙවැනි අයට මොනවා කරන්නද කියලා කවුරුත් දන්නේ නෑ. මොනවා කළත් මොවුන් හදන්න බෑ. සමබර මනසක් නෑ...
බූස්සට නොවෙයි, බොරැල්ලට යවන්න
ඔය ත්‍රස්තවාදියා අත් අඩංගුවට ගන්න
බූස්සට නෙවෙයි,බටලන්දට යවන්න තිබ්බේ...
හොඳ පිළිතුරක් වනුයේ කුඩා වස වීදුරුවකින් පමණක් උපකාර කළ හැකි 9M නොවේ. මේ අය ඇත්තටම මේ රටේ පියා ඇතුළු රටට විශාල ප්‍රශ්නයක්.
කොලු ගැටව් නම් අම්මලා, තාත්තලාගේ සල්ලිවලින් කාලා බීලා ඇවිත් මරහඬ තලනවා. ඒත් මේ සිවුරු දරා සිටින පිරිස පිනට දීලා තියෙන විහාර, දේවාලගම් වලින්, පඬුරු වලින්, උපාසක අම්මලාගේ සම්මාදම් වලින්, කාලා බිලා, බද්දෙන් නිදහස්ව ලැබෙන විදුලියෙන් වායු සමීකරණ දාගෙන ඒ මදිවට ඇබිත්තයින්ට කියලා කකුල් අතපයට තෙල් සාත්තුවකුත් අරගෙන ඇවිත් තෙලේ බහින්න මරහඬ තලනවා.
අර කන්ජිපානි ඉබ්‍රාන්, ප්‍රියමාලි ව එහෙම නිදහස් කරද්ධි මෙතන වැලලෙන්න හදන අය කොහෙද දන්නෙ නෑ හිටියෙ.. වසන්ත පාරට බැස්සෙ ඔයාලගෙ දරුවනුත් වෙනුවෙන්.. ඔයාලා කුපාඩි පාදඩයන්ට පාවල දුන්න රට බෙර ගන්න සහ ඔයාල ඇතුලු අපි ඔක්කොගෙම ජිවත් විමෙ අයිතිය වෙනුවෙන්.. මෙ තරම් කුහකයො ඉන්න රටක් කවදාවත් දියුනු කරන්න පුලුවන් වෙයි ද..