(නිමන්ති රණසිංහ )
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ රත්කරව්වේ ජිනරතන හිමි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද (21)වරෙන්තු නිකුත් කළේය.
කොටුව ප්‍රදේශයේ පැවැති උද්ඝෝෂණයකදී අයුතු ජන රාශිය සාමාජිකයන් වෙමින් මහජන පීඩා ඇතිවෙන අයුරින් කටයුතු කළැයි කොටුව පොලිසිය මෙම සැකකරුවන්ට එරෙහිව අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබුණේ ඉකුත් 2021 වසරේදීය.
මෙම සිද්ධියට අදාළව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ රත්කරව්වේ ජිනරතන හිමියන් ඇතුළු සිව්දෙනෙකු කොටුව පොලීසියෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
එම නඩුව අද 21 අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී සැකකරුවන් දෙදෙනකු වෙනුවෙන් නීතිඥ නියෝජනයක් සිදු වූ අතර, සැකකාර වසන්ත මුදලිගේ සහ රත්කරව්වේ ජිනරතන හිමියන් වෙනුවෙන් නීතිඥ නියෝජනයක් හෝ ඔවුන් දෙදෙනා අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් වරෙන්තු නිකුත් කිරීමට අධිකරණය එලෙස තීරණය කළේය.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
වසන්ත මුදලිගේ-ජිනරතන හිමි අධිකරණයට ඉදිරිපත් කරන්න නියෝග
siri Thursday, 21 July 2022 06:42 PM
"අරගලයෙන් උපන් කුමාරයා" අරගලයේ නිර්මාතෘ වෙන්නට බැරි නැද්ද ?
darman Thursday, 21 July 2022 07:10 PM
ඔය අන්තරේ කවුරුත් කැම්පස් ගිහින් තියෙන්නේ ඉගෙනගන්න නෙමෙයි,නැත්නම් අවුරුදු 10 ක් චාටරේ ඉදීය. හිරේ හොඳයි හැදෙන්නත් එක්ක.
Ramsi Thursday, 21 July 2022 10:37 PM
වදකයා (රනිලා) කොල්ලො බිලි ගන්න පටන් .