(කේ බුද්ධික කුමාරසිරි)
බත්තරමුල්ල පැලවත්ත ඉසුරැපාය අධ්‍යාපන අමාත්‍යාංශයට ඊයේ (23) දින බලහත්කාරයෙන් ඇතුළු වී එහි පොදු දේපලවලට හානි කිරීම ඇතුලු චෝදනා අටක් යටතේ අත් අඩංගුවට ගත් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සභාපති වසන්ත මුදලිගේ ඇතුළු භික්ෂු සහ ගිහි සිසුන් 62 දෙදෙනා ලබන 27 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් සුජීව ගුණතිලක මහතා අද (24) දින නියෝග කළේය.
තලංගම පොලිසිය මගින් මෙම පිරිස අත් අඩංගුවට ගත් මෙම සැකකරුවන් නීතිපති දෙපාර්තුමේන්තුව හා පොලිසිය එක්ව අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද අතර අධිකරණ භූමියේ ආරක්ෂාව වෙනුවෙන් දෙසීයකට අධික පොලිස් නිළධාරීන් පිරිසක් යොදවා සිටි ආකාරය දැක ගත හැකි විය
අධ්‍යාපන අමාත්‍යාංශයේ පොදු දේපලවලට හානි සිදු කිරීම, අයුතු ලෙස අමාත්‍යාංශය තුලට ඇතුළු වීම, එහි රාජකාරි සිදුකල නිළධාරීන්ට බාධා සිදු කිරීම සහ අඩත්තේට්ටම් සිදු කිරීම , අයුතු ජන රාශිය සාපරාධී බිය ගැන්වීම, කුමන්ත්‍රණය යන චෝදනා යටතේ මෙම සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු කර තිබුණි
එසේම අධ්‍යාපන අමාත්‍යාංශයේ දේපලවලට රුපියල් එක්ලක්ෂ අනූ එක් දහසක අලාභයක් සිදුව ඇති බවද මෙහිදී පොලිසිය අධිකරණය වෙත කරැණු දක්වන ලදී
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සභාපති වසන්ත මුදලිගේ ඇතුලු ව බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ භික්ෂු සිසුන් 54 ක් සහ ගිහි සිසුන් 08 දෙනෙකු මෙම පිරිසට අයත් විය
මෙහිදී පොලිසිය අධිකරණය වෙත දන්වා සිටියේ අත් අඩංගුවට ගත් සැකකරුවන් මෙම වැරැදිවලට අමතරව රටේ සාමාන්‍ය කටයුතු පවත්වාගෙන යා නොහැකි ලෙස නිරන්තරයෙන් කටයුතු කරන බැවින් සැකකරුවන් බන්ධනාගාර ගත කිරීමට කටයුතු කරන ලෙසයි
සැකකරුවන් වෙනුවෙන් නීතිඥවරුන් වන කමල් විජේසිරි නුවන් බෝපගේ නුවන් ජයවර්ධන ජයනනන්ද සමරකෝන් ඇතුලු 40 දෙනෙකුගෙන් යුත් නීතිඥ මණ්ඩලයක් පෙනී සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාගේ දරුවෙක්ද අප්පා මේ...? රිමාන්ඩ් එකේ තියෙන්නේ නැතිව අංගොඩටවත් එක්කන් ගියොත් නරකද?
රට අවුල් වියවුල් කරන මේ අයට මෙය සිදුවිය යුතුමයි.
ඒ කියන්නේ මේ රටේ මිනිස්සුන්ට නිදහසේ තමන්ගේ වැඩක් ඵලක් කරගන්න පුළුවන් වෙන්නේ 27 වෙනිදා වෙනකල් විතරයිද? ආදි වාසීන්ටත් නිග්‍රහයක් මේ පුද්ගලයා...
මොහුව සිරගත කරන්න.
ජනප්‍රිය වෙන්න දඟලන ගෝතයෙක්.
මේ කෙනා මානසික ලෙඩෙක්... අනෙක් අයගේත් අධ්‍යාපනය කඩාකප්පල් කරනවා.
ජනතාව නොඉල්ලන දෙයක් ජනතාව ඉල්ලනවා කියලා පෙන්නලා රටම අවුල් ජාලයක් කරනව. තමන්ට නොපැවරුන වගකීම් බලෙන් ගන්න ගියාම මෙහෙම දේවල් වෙනවා. මේක ත්‍රස්තවාදයක්. ඒක හඳුනා නොගැනීම විශාල ඛේදවාචකයකට අත වැනීමක්.
ලංකාවටම පිළිලයක්.
ලාල් අමල් රුහුණු තමුන්ලා රට ගැන කැක්කුමක් නැති තුප්පහියෝ ... වසන්ත මුදලිගේ අපේ රටේ නායකයෙක් විය යුතුයි.
මුන් පස්සෙන් ඉන්න ජෙප්පොත් ඇතුලට දාන්න ඕනි. රට වනසන කාලකන්නි.
බල්ලෝ බැඳලා දාන්න.
ඔහේ මොකක් හරි විෂයයන් 03 කරලා දිස්ත්‍රික් පදනමේ පිහිටෙන් විශ්ව විද්‍යාලයට එනවා . කුහක කමයි, ඊරිසියාවයි , පඩත්තල කමයි , මෝඩකමයි අඟපුරම තිබෙන නිසා තමන් වී විද්‍යාලයට ආපු කාරණය පැත්තක තියල රට හදන්න කියන ව්‍යාජ ලේබලය ගහගෙන ඇවිත් අනිත් වී විද්‍යාල දුරුවන්ගේත් අනාගතය කාබාසිනියා කරන මේවගේ මානසික රෝගීන්ව මුළු සමාජයෙන්ම කොන් කලයුතුයි . රට හදන්න ඒ වගේම මහාචාර්ය වරුන්ටත් උපදෙස් දෙන්න හදන මෙයාට උසස්පෙළ සුසුදුකමට වඩා මොකක්ද තියෙන සුසුසුකම ? මේ මිනිහට ඕනේ මේ වෙලාවේ ඔන්කමින්ම හිරේ විලංගුවේ වැටිලා වීරයෙක් බව පෙන්වන්න. උන්ගේම ටිකක් එකතුවෙලා මීඩියා කැම්පේන් කරලා මෙය මහා ජනප්‍රිය කෙනෙක් කියල සමාජ ගත කරන්න හදනවා . අන්තර් වී වී බල මණ්ඩලය කියල සංවිධානයක් වී වී ප්‍රතිපාදන කොමිසම පිලිගෙන් නැහැ .
මෙතෙක් කල් රටේ සාමාන්‍ය කටයුතු කරගෙන යාමට අවහිර කලේ මේ රටේ දේහපාලකයින්.මහජන දේපල හොරා කෑවා.අල්ලස් ගත්තා. කප්පම් ගත්තා.ස්ත්‍රීන් දූෂණය කලා.මේව අපි නොදන්නව නොවෙයි.මේ තරැන පිරිස් ගිහි වුවත්,පැවිදි වුවත් මේ දේ කල යුතුයි.71 වසර සිට තරැණ අසහන කොමිටිවලින් දීපු උපදෙස් වලට පාලකයින් ඇහුම් කන් දුන්නෙ නැහැ.ඒ දේ තවමත් වෙන්නෙ නැහැ. රටේ සාමාන්‍ය පරිදි වැඩකලා නම් කොහොමද මේ රට බංකොලොත් වෙන්නෙ. මේ තරැණ පිරිස් වලට අනාතතේ පේනව.එය ඉතා අදුරැයි.රනිල්ල,මහින්දල,සජිත්ල,දිනේෂ්ල,චන්දිකාලා තව බොහොම ඒ වගේම මමත් තව කෙටි කාලයකින් මැරිල යාවි.71 කැ/ලාල් සමයේදි මගේ වයස අවුරැදු 15 යි.ඒ නිසා මේ කිසිකෙනෙන් මේ රට කවදාවත් නොහදන බවත් තමන් පමණක් හැදෙන බවත් දැන් ඉතා පැහැදිලියි.ගරැ ජනාධිපතිතුමනි මේ තරැණ පිරිස් වලට අසාධාරණයක් කරන්න එපා.ඔබටත් මේ රට කිසිදවසක හදන්න බැහැ.ඒ නිසා දැන්වත් තරැණ පිරිස් වලට ඉඩදී අයින් වෙන්න කියල මම ඉතා සෙනෙහසින් ඉල්ලා සිටිනවා.
මෙවැනි උන් ට හිර ගෙදර සැප දැන් නැතිව බැරි හැඩයි. අර කහ රෙදි දාගෙන ඉන්න අයියල ටික ත් සාසනෙන් අයින් කරන්න ඕන.
කකුලේ හොන්ඩර භාගයක ගලක් ගැටගසා හුස්ම් යන තුරු එල්ල තබන්න.
දැන් ඇති ඔය සෙල්ලම. ඔබලා දෙමව්පියෝ, දායකයෝ නිසා යැපෙනවා. ඒ නිසා ඉතිං ආර්ථික ප්‍රශ්න දැනෙන්නේ නෑ. නමුත් සාමාන්‍ය මිනිස්සු ( ඔබලාගේ දෙමව්පියෝ, දායකයෝ පවා ) ජීවත් වෙන්න ගොඩක් වෙහෙසෙනවා. ඔය වැඩ වලින් ඒ මිනිස්සුන්ටත් එදිනෙදා කටයුතු කරගෙන යන්න ලොකු බාධාවක් වෙන්නේ. අනික දැන් මේ වැටිලා තියෙන රට කුමන හෝ මාර්ගයකින් නැගිටින්න වෙහෙසෙන වෙලාවේ ඒවා කඩාකප්පල් කරන්න වෙහෙසෙන්නේ කාගේ බළල් අත් වෙලාද. දැන් රට හදන ක්‍රමය දන්නේ ඉගෙනගන්න විශ්වවිද්‍යාල වලට ගිය ඔබලාද. ඔබලාගේ තරුණ මදයෙන් වෙන පිරිස් ප්‍රයෝජන ගන්නවා. ඔබලා නිකරුනේ හිරගෙවල්වල කාලය ගෙවල තරුණ වයස කාලකන්නි කරගන්නවා. අන්තිමේ ඉගෙනගත්ත දේකුත් මහජන මුදල් අපරාදේ නාස්තියෙක් විතරයි. කෝ ඔය විදියට කලින් අරගල , උද්ගෝෂණ කරපු කට්ටිය. ඔබලාටත් තේරෙනකොට කාලය ගිහින්. දෙමව්පියෝ පව්.
රටේ ආර්තික ප්‍රශ්නවලට මුල වර්ජන තර්ජන ගර්ජන කරමින් පාරවල් ගානේ මිනිස්සු දක්කන් යෑම. ආජයා්ජකයකේ එන්නේ නෑ සංචාරකයෙක් එන්නේ නෑ. ආපු ආයෝජකයෙකුට වැඩක් දන්න දෙන්නේ නෑ. සරසවිවල ඉගෙන ගන්න දන්නේ නෑ. තම තමන්ගේ වගකීම් ඉටු නොකර වැදි බණ කියන්න එපා මේ නඩාගම් බලන්න බෑ හැමදාම. මේ ආණ්ඩුවෙ වැරදි වහන්න මිනිස්සු වැරදි කරලා හරියන්නේ නෑ. තාමන් ඕන දෙයක් කරගත්තට කමක් නෑ ලමයින්ට ඉගෙන ගන්න දෙන්න ඕනි. ඒ නිසා ළමයින්ට ප්‍රශ්න තියනව වයස යනව. ඒවට සහමුලින්ම වගකියන්න ඕනි මේ මළ මිනි මතින් දේශපාලනය කරන දේශපාලන අවතාර. එකම වගේ වචන සෙට් එකක් ගිරව් වගේ කට පාඩම් කරගන්නව, තෙල බෙදනවා කියලා කියන්නේ කැම්පස් එකේදි .අහිංසක ළමිය් සහ මුලින්ම අනාත කරලා සල්ලිකාරයන්ගේ ළමයින්ට හොඳට විදේශ සරසවිවල ඉගෙන ගන්න පාරකපන්න . ඒක කොන්ත්‍රාත්තුවක්. මේවට ලලිත්, ජේආර්, ප්‍රේමදාස නියම වැක්සින් එක දුන්නා.